








(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම, කුරුකැටියාව ගම්මානයට අද(06) කඩා වැදුණු වන අලි රංචුවක් ගම්වැසියන්ගේ නිවාස කඩා බිඳදැමීම හේතුවෙන් තම ජීවිත දැඩි අවදානමක පවතින බව ජනතාව පවසති.
තනියා නමින් හැඳින්වෙන වන අලියා අද වියපත් යුවළක් පදිංචිව සිටි නිවසක් සම්පූර්ණයෙන් වනසා දමා ඇති බව නවගත්තේගම අඩවි වන ජීවි කාර්යාලය පවසයි. වියපත් යුවළ විහාරස්ථානයේ කඨින පිංකමට සහභාගී වී සිටීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිතවලට හානි සිදුව නැත.
සතියකට ආසන්න කාලයක් තුළදී තනියා නමැති අලියා නිවාස 3කට හානි කර ඇති අතර, වනඅලි වී සහ සහල් සොයමින් සැරිසරන බව ද ජනයා කියති.
ඒ පිළිබඳව නිවසේ හිමිකරු වන 76 හැවිරිදි ඩබ්ලියු. පී. ටී. ගණිතා මහතා පවසන්නට වූයේ මෙවැන්නකි.
“මේ ගෙවල් 1982 දී හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්තයා ලංකාවේ ඉදිකරන්න ගත්ත ගෙවල්. දෙවන උදා ගම්මානයේ නිවාස 100ක් තිබෙනවා. මේ අලි කරදර නිසා නිවාස ගොඩක් කැඩී ගිහින්. අපි අන්ත අසරණ වෙලා. නිවසේ නොසිටි නිසා අපේ ජීවිත බේරුණා” යැයි ඔහු පැවසීය.
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් හර්ෂණ ජයසිරි මහතා මෙසේ කීය.
“ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයිති ග්‍රාම නිලධාරි වසම් 19 ක ගම්මාන 67 කට මේ වනවිට වන අලි කරදරය බරපතලම විදියට බලපාලා. වන අලි වගාවන් වනසනවා. කඩන නිවාස ප්‍රමාණයත් වැඩිවෙලා. මෙය ලොකු තර්ජනයක්. වන අලි පහරදීම නිසා මරණ දෙකක් සිදුවෙලා. අලි කඩපු නිවාසවලට වන්දි ඉල්ලා අපිට විශාල අයදුම්පත් සංඛ්‍යාවක් ලැබිලා තිබෙනවා. අපි පුළුවන් තරම් ජනතාවට සහන සලසන්න කටයුතු කරනවා” යැයි ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි මන්තරේ වහා දියව්...
අලින්ට කරදරයක් වෙලා නැද්ද? වනසතුන්ට අයිති රටක්. සත්තුන්ටත් වඩා අන්ත මිනිස්සු රැලක් අයිතිකරගෙන සිටින භූමියක් තමයි ලංකාව කියන්නේ.
පව් අනේ අලි ටික.
මෙවැනි මිනිස් ජීවතවලට තර්ජනයක් වන අලින්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි...
badrani, ඔයා මෙම වන අලි ගැටලුවට සජීවීව මුහුණ දීල නැහැ. මුහුණ දුන්න අපි විතරයි මේ දුක දන්නේ. ඔයාගේ ගෙයත් කැඩුවනම් ඔයාට තේරෙයි.
මෙවැනි දේ සිදුවන්නේ අලි වෙසෙන ප්‍රදේශවල අනවසරයෙන් නිවාස තැනීමයි. ඔය කියන ප්‍රදේශයේ 80 වර්ශයේත් අලි සිටියා. සේරුවේ පෙනෙන නිවාස වැඩිකලකට පෙර නිර්මාණය කල නිවසක් නොවෙන බව පෙනෙනවා.