
(නයනදුල සෙන්දනායක)
බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අයුරින් වෙනිවැල්ගැට කිලෝ 700ක් ගබඩා කර තිබියදී අද(27) හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේදී සොයාගත් බව ඉංගිරිය අඩවි වන නිලධාරීහු කියති.
ඉංගිරිය අඩවි වන නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධීව කපන ලද වෙනිවැල්ගැට කිලෝ 100ක් ප්‍රවාහනය කරමින් තිබියදී ත්‍රිරෝද රියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලදි බලපත්‍ර නොමැතිව රැගෙන එන වෙනිවැල්ගැට තොග මිලදී ගන්නා ස්ථානයක් පිළිබඳව නිලධාරීන්ට අනාවරණය වී ඇත.
ඒ අනුව හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ ස්ථානයක සිදු කළ සෝදිසියකදී නීතිවිරෝධී අයුරින් බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබූ වෙනිවැල්ගැට කිලෝ 700 සොයාගෙන ඇත.වෙනිවැල්ගැට තොගය ගබඩා කර තිබූ ගොඩනැගිල්ලේ හිමිකරු ද නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ බුලත්සිංහල ,මෝල්කාව ,කෙලින්කන්ද,බදුරලිය,කලවාන ආදී ප්‍රදේශවල පිහිටි රක්ෂිත වනාන්තරවල ඇති වෙනිවැල් ශාක හොර රහසේ කපන ඇතැම් පිරිස් ඒවා මෙම ස්ථානයට අලෙවි කරන බව ය.
සැකරුවන් හෙට (28)හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


COMMENTS
වෙනිවැල්ගැට මුදලාලි අත් අඩංගුවට... කුඩු මුදලාලි එළියේ ...