( රවින්ද්‍ර ලියනගේ )
පිස්තෝලයක් පෙන්වා තිදෙනකුට පහරදි තර්ජනය කිරිමක් සම්බන්දයෙන් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු අද (28) අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන අත්තේ ලුණුවිල කොට්ඨාසයේ පදිංචි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකි.
පසුගිය 26 දා ලුණුවිල සන්තානාපුර ප්‍රදේශයේදි කාන්තාවකට සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකුට පහරදි පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරිම සම්බන්දයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව සැකකාර මන්ත්‍රිවරයා අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතවඇත.
වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd