IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘විනෝද චාරිකා කොරෝනාවට අතවනයි‘

(ඩයනා උදයංගනී)

‍තෛපොංගල් උත්සව දිනය හා දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය සමඟ ලැබුණු දීර්ඝ සති අන්තයේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්‍ෂිත අයුරින් විනෝද චාරිකා හා වන්දනාගමන්වල යෙදීම හේතුවෙන් කොවිඩ් වයිරසය දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

සති අන්තයේ වන්දනා හා විනෝද ගමන් පැමිණි ජනතාව හේතුවෙන් අනුරාධපුරය, ශ්‍රී පාදස්ථානය, මහනුවර, සංචාරක ආකර්ෂණය වැඩි ස්ථාන හා මුහුදු වෙරළ තීරයන් ආදිය ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනු දක්නට ලැබිණි.

විශේෂයෙන් විනෝද චාරිකාවල නිරත පිරිස් නිසි සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් නොතකා මුහුණු ආවරණ හෝ නොපැළඳ එතිනෙකාට ඉතා සමීපව විනෝද වන අයුරු ද දැකගත හැකිවිය.

මේ වන විට මරටින් වාර්තා වන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ද වැඩිවීමක් දක්නට ලැබේ.

ඉකුත් දින තුනක කාලයේදී පිළිවෙලින් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 677ක්, 661ක් සහ 690ක් වාර්තා විය.

මෙවන් තත්වයක් තුළ ජනතාව අනාරක්‍ෂිතව කටයුතු කිරීම තුළින් ඉදිරියේදී ආසාදිත සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

දීර්ඝ නිවාඩු කාලසීමාවන්වලදී දුර බැහැර සංචාරයන්හි යෙදෙන ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

රජයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ජනතාව දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතු තත්වයක් යළිත් නිර්මාණය වෙමින් පවතින බවයි.

අනුරාධපුර වැනි පුජා භූමිවල මෙන්ම අනිකුත් සංචාරක ප්‍රදේශවල මජනතාව ඉතා අනාරක්ෂිත අයුරින් මුහුණු ආවරණ පවා නොමැතිව කටයුතු කරන ආකාරය දක්නට ලැබුණු බවත්, ඒ තුළින් අනාගතයේ විශාල ව්‍යසනයක් ඇති විය හැකි බවත් සභාපතිවරයා පැවසීය.

ඉකුත් දෙසැම්බර් මාසයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ අඩුවක් පැවති නමුත් නත්තල් සහ නව වසර උදාව වෙනුවෙන් පැවති උත්සව සමයේදී ජනතාව අනාරක්‍ෂිත අයුරින් කටයුතු කළ නිසා යළිත් ආසාදිතයන් වැඩිවීම සිදුවූ බවත්, සති අන්තයේ ජනතාව කටයුතු කළ ආකාරය නිසා ආසාදිතයන් තවත් ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය අංශ පවසයි. 



අදහස් (0)

‘විනෝද චාරිකා කොරෝනාවට අතවනයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site