(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ ලැක්ටෝ වත්ත වතුයායේ සඟවා තිබු ටී 56 ගිනි අවියක්, පිස්තෝල, මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි කීපයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සමත්වූ බව පොලිසිය පවසයි.
මෙම ගිනිඅවි තොගයේ ටී 56 ගිනි අවියක්, මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි කීපයක් හා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල කීපයක් සොයා ගෙන ඇත.
අදාළ ලැක්ටෝවත්ත පොල් වතු යායේ තිබී පසුගිය ජනවාරි මාසයේ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී.
රට පුරා බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ අයි.එස්.අයි.එස්. සංවිධානයේ ත්‍රස්තවාදියකු බව කියන සහරාම් හසිම් නැමැත්තාගේ රියදුරකු බව කියන ත්‍රස්තයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී වනාතවිල්ලුව කරඩිපුවල් ලැක්ටෝවත්ත වතු යායේ වළ දමා තිබු මෙම ගිනිඅවි තොගය සොයා ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා පරීක්ෂණ හරියට කළානම් මේ විපත වළක්වාගන්න තිබුණා. එම පරීක්ෂණ යටගහපු, බාධා කරපු අය ගැනත් රටට හෙළි කරන්න..
දැන් බලනකොට අපේ කැළණියෙන් විතරයි හොයාගෙන නැත්තේ. අපේ ෆීල්ඩ් මාර්ෂල් ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්මයාට පින් සිදුවෙන්න. ඉතින් ආරක්ෂක ඇමති කම නොදෙන්නේ මොකද?
මේ අස්සේ බීලද උන්නැහේ? ඔය වෙල් විදානෙලා මුස්ලිම් අන්තවාදීන් එක්ක සෙට් වෙලා 2015 අර තිබුනේ රත්තරන් ආණ්ඩුව අපිටත් ගොනාට අන්දලා ගෙදර යවපු ප්‍රතිඵල තමයි මේ, මේ ඉස්සිච්ච මිනීවල වගකීම ඔය "විදානේටත්" පැවරෙන බව අමතක කරන්න එපා.