(රංජිත් රාජපක්ෂ)
වනජීවි නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (24) තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළබව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
විෂය භාර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී වනජීවි නිලධාරින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සතියක් තුළ විසඳුමක් ලබාදෙන බවට අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවක් මත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළබව ඒ ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
වනජීවි නිලධාරීන් සිදු කරන රාජකාරී සඳහා පැය 150 කට අමතර දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉකුත් 20 වැනිදා සිට පැය 8 ක සේවා කාලයක් සිදු කිරීමට වනජීවි නිලධාරීන් තීරණය කර තිබූ අතර ඉකුත් 21 වැනිදා සිට දිවයින පුරා වනජීවි කාර්යාල වසා දැමීමටද වනජීවි නිලධාරීන් කටයුතු කර තිබුණි.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට සිදු වූ අපහසුතාවයන් පිළිබඳව සිය කණගාටුව පල කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වනජීවි නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන්
kamal Sunday, 23 February 2020 09:09 AM
වැඩ වර්ජනය තුළින් රට සහ ජනතාව ඇපයට ගන්න මේ අවස්ථාවාදීන්ට යටවෙන නායකයින් අපට ඕන නැහැ.
mihira Sunday, 23 February 2020 11:46 AM
වැඩිවෙලා කළොත් දන්නවනේ වෙනදේ ඉස්සර කෙනා නොවේ...
රසික Sunday, 23 February 2020 01:53 PM
වනජීවී එකේ වැඩ වර්ජනවලින් තැලෙන්නේ ඉතිං කතාකරන්න බැරි අහිංසක සත්තු තමයි...