IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


වනජීවි ඇමති මියගිය රණවිරුවන්ට ජීවය දෙයි

(සුජිත් හේවාජුලිගේ )

යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන් සිහිපත් කිරීම සඳහා එම මියගිය රණවිරුවන්ගේ සංඛ්‍යාවට සමාන විවිධ පැළ වර්ග විසි පන් දහස් නවසිය තිහක් (25,930) වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉපලෝගම ප්‍රදේශයේ පසුගියදා රෝපණය කෙරිණ.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පැළ වර්ග මෙපමණ සංඛ්‍යාවක් එකවර රෝපණය කෙරුණු මෙරට පළමු අවස්ථාව මෙයයි.

වනජීවී රාජ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ රණවිරු සේවා අධිකාරිය මෙම වැඩපිළිවෙල සංවිධානය කළේය.

ඉපලෝගම ප්‍රදේශයේ මෙසේ රෝපණය කර ඇත්තේ ස්ථිරසාර වනාන්තරයකට අවශ්‍ය වන පැළ වර්ගයන්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදා රණවිරුවන් සිහි කිරීම සහ ඔවුන් මව්බිමේ නිදහස වෙනුවෙන් දැක්වූ දායකත්වයට කෘතවේදිත්වය පළ කිරීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ බවයි.

මෙවැනි වැඩසටහන් ඉදිරියේදී තවත් ක්‍රියාත්මක කිරීමට තමා බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පළමු පැළය එහි රෝපණය කළේය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

 



අදහස් (0)

වනජීවි ඇමති මියගිය රණවිරුවන්ට ජීවය දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 435 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site