(පාලිත ආරියවංශ)
විධායක බලය තිබුණත් ව්‍යවස්ථාදායකයේ බලය තවම තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සතුව බව අධිකරණ ව්‍යවස්ථා සම්පාදාන සහ පුනරුත්තාපන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (02) පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය ශක්තිමත් කරමු‘‘ යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන් බලය පූර්ණ බලයක් බවට පත්කිරීම සඳහා එළඹෙන මහමැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් අපි ලබාදිය යුතු යැයිද ඒ මහතා එහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය
‘‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි බොහොම සත්භාවයෙන් උදව් කළා නමුත් එතුළින් මෙරට රාජ්‍ය පාලනයේ අවුල්සහගත තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
අපි හිතුවා ස්වාධීන කොමිසන් සභා අවාම ඒවා තුළින් රටට ශක්තියක් ලැබෙයි කියලා.දැන් මේ වෙලා තියෙන දේවල් දිහා බලනකොට ස්වාධීන කොමිසන් සභාවලින් අප බලාපොරොත්තු වූ ප්‍රතිපල ලැබී නැති බව පැහැදිලියි.
මේ රටට ගැලපෙන රටේ ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමට අවශ්‍ය බලතල සහිත පාර්ලිමේන්තුවක් ලබාදිය යුතුයි.
දැන් ජනතාව රැකියා ඉල්ලනවා , සංවර්ධනය ඉල්ලනවා නමුත් අපිට අවශ්‍ය අයවැය ලේඛනය සම්මත කරගන්නේ නැතිව ඒවා දෙන්න බැහැ.
අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවාලා මැයි මාසය වනවිට පාර්ලිමේන්තුව පවත්වා තමුන්නාන්සේලාගේ ආශීර්වාදයෙන් ශක්තිමත් ආණ්ඩවක් පිහිටුවා ඒ වාට පිළිතුරු ලබාදිය හැකි‘‘ බවද ඇමතිවරයා පැවසීය.
COMMENTS
තුනෙන් දෙකේ බලය ගත්තට පස්සේ මෙයාලා මොනවා කරයි ද ? ඒ කාලේ කරපුවා අපිට අමතක නැහැ.
තරහ වෙන්න එපා 2/3 නම් දෙන්නේ නැහැ.බලය ගැන එච්චර හිතන්න එපා. හරිදේ කරනවා නම් ඔය ඔබතුමා හිතන තරම් ආසන ඕනෙත් නැහැ. හරි තීරණයක් අරන් ඉදිරිපත් කළොත් අනිත් අයත් නිකම්ම එක සම්මත කරන්න ඡන්දෙ දෙයි. මට මතකයි අපේ රටේ ජනතාව පාස්කු බොම්බේ වෙලාවේ කිවුවා අපිට 225 ම එපා කියලා. නමුත් දැන් ඒවා අමතකයි. ඒක දන්න ඔබ දැන් තුනෙන් දෙකක්ම ඉල්ලන එකයි ලෝක පුදුමේ.
හරි සර් දෙන්නම් 2/3 නේද ? දෙන්න තමා මේ බලාගෙන ඉන්නේ. තව මොනාද සර් අපෙන් වෙන්න ඕනි ?
ජනතාවට උපරිම සේවය කරලා පෙන්වන්න.
ඔන්න ඔහේ ඔය ඉල්ලන 2/3 බලය දීල දාන්න. ලංකාව සිංගප්පූරුවක් කරලා දියුණු කරලා ගනීවි අයියා මලෝ ඩබලයි වටේ ඉන්න ගෝල බාලයෝ සෙට් එකයි.
වතු කම්කරු වැටුප, පත්වීම් මේ සියල්ල මාර්තු 1 සිටලු. ඡන්දෙට කඩේ යනවා. එක්කෝ කෙලින් කියනවනම් කමක් නෑ මම මේ ඔක්කොම දෙන්නේ මහ මැතිවරණෙන් පස්සේ කියලා. පොඩි මිනිහට කන්න නෑ හාල් සීයයි. ඒකට ආණ්ඩුව මොකුත් කරන්නේ නෑ බයේ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ 3/2.ඒක ගන්න ආන්ඩුව උමතුවෙන් සෙල්ලම් කරන්නේ. දැන්වත් ජවිපෙට සල්ලි දීලා මේ සෙල්ලම නතර කරමු. වැත්නම් 2025 වෙනකල් හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ.
අයවැයක් සම්මතකරගන්න අයවැයක් ගෙන්න ඕන නේද ? සජිතුත් කිවා නේද හොඳ දේවල්වලට සහය දෙනවා කියා. අපි දැන් 2015 සිටම ආණ්ඩුව ගන්න දැඟලුව. අපිට සැලසුම් තියෙන්න ඕන නේද. අපිට ජනාධිපතිවරණයෙන් පසු අසන්ට දකින්න ලැබෙන්නේ ඇමතිවරු රැස්වීම් ඇමතීම පමණයි. සමහරු කියනවා දැන් ඉන්න මන්තිවරු 225ම වැඩක් නැහැ කියා. දැන් හොඳට හිත බලන්න චන්ද්‍රික මහත්මියගේ කාලයේ සිට ඇමතිකම් දරමින් යහපාලනයේත් ඇමතිකම් දරමින් දැන් අවුරුදු 25ක් එකදිගට ඇමතිකම් කරපු අය කැබිනෙට් එකේ සිටිනවා. 2/3 බලයත් කාලයක් තිබුන .දැන් සමහරු තේරුම් අරගෙන අලුත් ජනාධිපතිතුමාට හොඳ මොළ තියෙන අලුත් කණ්ඩායමක් අවශ්‍ය බව රටට වැඩ කිරීමට .ඔය කට්ටියම නැවත පත්කරගත්තොත් ඊළඟ අවුරුද 5 වෙනකොට ජනතාවට නැවතත් ආණ්ඩුව එපාවෙලා. ඒ නිසා සෑම මැතිවරණ කොට්ටසයකටම අලුත් මුණු ඉදිරිපත්කල යුතුයි.
බලාගෙන ඉන්න 2/3 බලය හම්බ වෙයි.
එහෙමනම් දැනට රජය කරන්නේ ඇමතිකම් කරන්නේ බලය නැති පිරිසක්ද.
මිනිස්සුන්ට රස්සා දෙන්නයි රට සංවර්ධනය කරන්නයි පාර්ලිමේන්තු බලය අවශ්‍ය නැහැ. ජනාධිපති ඉන්නවා රාජ්‍ය සේවය තියෙනවා. ඔය දෙකෙන් විතරක් පුළුවන් රැකියා ව්‍යපෘති සහ රට සංවර්ධනය කරන්න. රැකියා කියන්නේ අඩු ආදායම්ලාභින්ට කම්කරු රැකියා දෙන එක නෙමෙයි. එහෙම කරන්නේ ධනවාදී ක්‍රමය අනුව. ඒ කියන්නේ දුප්පතා හැමදාම දුප්පත්ව තියලා පොහොසතා පොහොසත් කරන ආර්ථික ක්‍රමය. මෙතන තියෙන ප්‍රශ්නේ පාර්ලිමේන්තු බලය නැතිකම නෙමෙයි, කිසිම විදිහක වැඩ පිළිවෙලක් නැති එක. වහල් ආණ්ඩුව වගේමයි. රටේ ජනාධිපති වෙන්න තිබ්බ ඕනෙකම මිසක් රටේ ප්‍රශ්න විසඳන්න කිසිම ප්‍රතිපත්තියක් හදාගෙන තිබ්බේ නැහැ. උදාහරණයක් විදිහට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කිසි දෙයකට සල්ලි හොයා ගන්නේ කොහොමද කියලා මම නම් කොහෙවත් දැක්කේ නැහැ. පොතේ ගුරාලාට ඕනේ තරම් ප්‍රතිපත්ති ප්‍රකාශ හදන්න පුළුවන්. නමුත් ප්‍රයෝගික දැනුම නැති හින්ද එක්කෝ ණය අරන්, නැත්නම් ආයෝජන කියල රටේ හොඳම ඉඩම් ටික විකුණලා, ඒත් නැත්නම් රට පාවා දෙන ගිවිසුම් ගහල තමයි සල්ලි හොයා ගන්න හදන්නේ. කලින් ජනාධිපතියි ආණ්ඩුවයි වගේමයි . කිසි වෙනසක් නැහැ. මිනිස්සු නිකම් රැවටුනා.
ඔයා පාර්ලිමේන්තුවේදී සහ අනිකුත් උත්සවවලදී හෝ වේවා හැම වෙලාවම නිදි නේ. ඉතින් කොහොමද ඔයාට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතවූ දේවල් තේරන්නේ.
හොදම විකල්පය ජවිපේ. මේ පාර ජවිපෙට ඡන්දේ දෙන්න කොල්ලනේ.
2/3 නැතුව රටේ ඉඩම්ටික විදේශවලට හොරපාරෙන් විකුණනවා නම්, පිදුරුතලාගල කන්දෙන් අක්කර 300ක් විකුණන්න හදනවා නම්, වැටුප් වැඩිවීම් නතර කරනවා නම්, සහල් මිල වැඩිකළා නම්, අනෙකුත් බදුවල මිල වැඩි කළානම් 2/3 තිබ්බොත් කොහොමට හිටීවිද? කෝ අර කරනවා, දෙනවා කියාපුවා එනකම් තමයි ඉන්නේ 2/3 දෙන්න...