(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේදී විදුහල්පතිවරුන් නිකුත් කරන විභාග ප්‍රතිඵල ලේඛණ ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් යැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
විශ්ව විද්‍යාලවල පාඨමාලා සඳහා අයදුම් කිරීමේදී අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍යපෙළ විභාගයන්හි විදුහල්පතිවරුන්ගේ අත්සනින් නිකුත් කරනු ලබන ප්‍රතිඵල ලේඛණ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
ඇයි මේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත ගබඩා වලින් කෙලින්ම නිකුත් කරන්නට බැරි? පාසල් වලින් විභාග ප්‍රතිඵල ලේඛණ ගන්නට යාමෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශ කාර්යාවලිය තවත් ප්‍රමාදවෙනවා නේද?
අපේ තාත්තා විදුහල්පති, එහෙනම් මටත් පුළුවන් හොර සහතිකෙන් විශ්ව විද්‍යාලෙට යන්න.
එහෙම කෙරුවොත් කොහෙදි හරි අහු වෙනවා. එතකොට ඔයත් හොරෙක් තාත්තත් හොරෙක්. විශ්වවිද්‍යාල ප්‍රවේශයෙදි මේවා චෙක් වෙනවා.
විභාග දෙපාර්තුමේන්තුවේ තියන ප්‍රතිඵල දත්ත විශ්ව විද්‍යාලවලට ලබා දීම අමාරු හා අධික වියදම් යන කාර්යක්ද? විභාග දෙපාර්තුමේන්තුව තාක්ෂණික ලෝකය කොයි මුල්ලෙද ඉන්නේ? විශ්වවිද්‍යාල තාක්ෂණික ලෝකයේ තියෙන්නේ කොතනද? දුෂිතයින්ට තවත් උල්පන්දම් දීමක්ද?
විශ්ව විද්‍යාලයට ඔන් ලයින් මාර්ගයෙන් අයදුම්පත්‍රය පුරවන විට ජාතික හැඳුනුම්පතේ අංකය යෙදුගමන් ස්වංක්‍රීයලෙස සාමාන්‍යපෙල සහ උසස් පෙළ ප්‍රතළුල අයදුම් පත්‍රයේ පිරවී යන බව මා දුටුවා. එවැනි තත්වයක් තුලදී අයදුම් කරුගෙන් නැවත සාමාන්‍යපෙල ප්‍රථිළුල ලේඛනයක් ඉල්ලන්නේ මන්දැයි පැහැදිලි නෑ.
අපට තියෙන්නේ අසමත් වුනු විභාග දෙපාර්තමේන්තුවක්
මේකත් මගෝඩි වැඩක්. සල්ලි ගරන දුෂිත විදුහල්පතිලට හොඳයි
මෙයින් සිදුවන්නේ සිසුන් සහ දෙමව්පියන් පාසල් තුල රස්තියාදු කිරීමයි. රජයට සම්බන්ද කටයුතු බොහොමයක් කරගන්නට යාමේදී මහජනයා රස්තියාදු කිරීම සිරිතකි. මහජන බදු මුදලින් යැපෙන මේ ආයතන ගල් යුගයේ වැඩ කල ආකාරය වෙනස් කර, මහජනයාට පහසුවක් සැලසෙන ආකාරයට වැඩ කිරීමට වග බලා ගත යුතුයි.
දොස් කියල අදහස් දාල තියෙන අය “ගාමිණී“ ගෙ අදහස කියවල හිටියනම් හරි. හැම වෙලේම බලන්නෙ කාට හරි බනින්නම තමයි.
මෙතන හුඟක් දෙනා මම හිතන්නේ මේක පුරවලා නැති අය. ගාමිණි මහතා විතරයි ඇත්ත කියලා තියෙන්නේ. අනික මේකේ උසස් පෙළ ප්‍රතිපල වල විදුහල්පති සහතිකයක් ඉල්ලන්නේ නැහැ. ඒක අර කිව්වා වගේ ස්වයංක්‍රියව පිරවෙනවා. මේ අලුත් ක්‍රමය හොඳ උනත් පරිගණක සාක්ෂරතාවය නැති කෙනෙකුට මේක පුරවන්න බැහැ. නැණසල වගේ තැන් තිබුනත් එකේ ලොකු පෝලිමක් තිබුනා පුද්ගලික අය මේකට ලොකු ගණනක් අය කළා. නමුත් ඔවුන්ගෙන් පිරව්වම වගකීමක් නැහැ මොනවා උනත් ගොඩක් ළමයි ප්‍රශ්න හදාගෙන ඇති බොරු නම් බලන්න