IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විදුහල්පතිවරු 4000 ක් උද්ඝෝෂණයකට සැරසෙති

(නිමල කොඩිතුවක්කු)
 
උසස්වීම් ලබානොදීම ඇතුළු ගැටලූ කිහිපයක් මුල්කර ගනිමින් විදුහල්පතිවරුන්  4000ක සහභාගීත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට හෙට (6) පෙරවරු 10.00 සිට දැවැන්ත විරෝධතාවයක් සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්  මහතා සඳහන් කරයි.


විරෝධතාවයෙන් තම ගැටලූ සඳහා විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද ඔහු සඳහන් කළේය.


2009 න් පසුව විදුහල්පති සේවයට එක්ව සිටින 4000කට ආසන්න පිරිසක් සඳහා උසස්වීම් වලට ප‍්‍රධාන බාධාවක් බවට පත්ව ඇත්තේ දෙමළ භාෂාව සමත්වීම බවත් ඒ සම්බන්ධයෙන් සහනයක් ලබාදෙන බවට රජය එකඟ වූ නමුත් එයට අදාළ චක‍්‍රලේඛ නිකුත් නොකිරිම නිසා මෙම විරෝධතාවය ක‍්‍රියාත්මක කරන බවත් ස්ටාලින් මහතා පැවසීය.


දෙමළ භාෂාව සමත්වීමට සහනයක් ලබාදෙන බවට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය  මනෝ ගනේෂන්, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් එකඟතාවය පලකර ඇති බවත් ඔහු පැවැසිය.


එහෙත් එයට අදාළ චක‍්‍රලේඛය මෙතෙක්  නිකුත් නොකිරීමෙන්  විදුහල්පතිවරුන්  4000ක් සඳහා පළමු පන්තියට උසස්වීම් ඇන හිට ඇති බවද හෙතෙම සඳහන් කළේය.


මේ හේතුවෙන් එම පිරිසට වෙනත් උසස්විම් සඳහා ඉදිරිපත් විමට නොහැකි වීමෙන් බලවත් අසරණතාවයකට පත්ව ඇති බවද ජොෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

විදුහල්පතිවරු 4000 ක් උද්ඝෝෂණයකට සැරසෙති

nimals Tuesday, 05 February 2019 07:50 AM

මෙය ගුරු සේවයේ අයටද අනාගතයේ දී බලපාන ප්‍රශ්ණයක් නිසා ඔවුන්ද සහභාගි කර ගත්තොත් සාර්ථකත්වය වැඩිවනු ඇත.

:       0       0

ravi Tuesday, 05 February 2019 11:02 AM

ගුරුවරුන් විදිහට උද්ඝෝෂණ නොකර ආදර්ශමත්ලෙස කතා බහ කරලා තමන්ගේ ප්‍රශ්න විසඳගන්න දැනීමක් නැත්තම් වෘත්තියෙන් නිදහස් කරන්න. අපේ රටේ තාම මෙයාලා නිසා හැදිච්ච අයත් නැහැ. මෙයාලගේ ඇති හැදිච්චකමකුත් නැහැ .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 26 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site