





(නිමල කොඩිතුවක්කු)
විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත අවධානය යොමුකොට ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් ඔවුන් මව්බිමට ගෙන්වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී අද(07) විරෝධතාවයක නිරතවූහ.
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම විරෝධතාවයට මහජන නියෝජිතවරු, සිවිල් සංවිධාන නියෝජිතවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
"රටවිරුවන් වහා ගෙන්වනු, ස ෆේල්" ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පස්වරු 4.00ට පමණ රැස්වූ විරෝධතාකරුවන් පැයක පමණ කාලයක් විරෝධතා සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාවය අතරතුර අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.
"රටට විදේශ විනිමය ගෙන එන විදෙස්ගත ශ්‍රීලාංකිකයින් එදා මැතිවරණයට පෙර රට විරුවන් ලෙස මේ ආණ්ඩුවේ පිරිස් හැදින්වූවා. නමුත් අද ඔවුන් එතෙර දුක් විදින අයුරු ආණ්ඩුව නෑසූකන්ව බලා සිටිනවා.මෙරටට ගෙන්වන විදෙස්ගත ශ්‍රමිකයන් පවා අද මාෆියාවකට හසුකොට තිබෙනවා. මේ නින්දාසහගත ක්‍රියාවලිය ආණ්ඩුව නවත්වා දැමියයුතුයි" යයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, තලතා අතුකෝරල, ඉමිතියාස් බාකිර් මාකර්, හරීන් ප්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා, මනුෂ නානායක්කාර, කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි .. දැන් මාස කීයක් ඒ අහිංසක මිනිස්සු අපා දුක් විඳිනවද? දැන් තමයි මේ "හැම දේශපාලුවාටම" ඒ මිනිස්සු මතක්වෙලා තියෙන්නේ... මෙතෙක් කල් අවුරුදු කීයක් පට්ටියේ 225 ඇතුළුව මුළු ලංකාවම තුන් වේල බඩගින්න නිවාගන්න ඒ අහිංසකයන් ඍජුවම දායක වුනා නේද බොලව්...? ලැජ්ජයි ...
වර්තමාන විපක්ෂයට ප්‍රශ්න කරනවා හැර වෙනත් කළහැකි යමක් නොමැත. කිසිදු විසඳුමක් මේ ජනප්‍රිය නොවන කණ්ඩායම ඉදිරිපත් කොට තිබේද? අනාථ වූ විපක්ෂය සිටින විට රජයට ඕනෑම දෙයක් කළහැකි වේ.
පාරේ කෑගහලා වැඩක් නැහැ. අර මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලිවලින් නැතිනම් වෙන හොරාකාපු සල්ලිවලින් සොච්චමක් දීලා ප්ලේන් එකක් කුලියට අරන් යැව්වා නම් කට්ටියම ගෙන්න ගන්නවනේ...
දේශපාලුවන් රඟපාන අලුත්ම ෂෝ එක...
අනේ දෙවියනේ මේ සජිත් ඇතුළු පිරිස රටේ ජනතාවගේ මහජන මුදල් නේද මේ නාස්ති කරන්නේ?
රනිල් අාපහු ආවත් මෙලහට නම් සෑහෙන්න කාලයක් යාවි හොඳ විපක්ෂයක් වෙන්නත්. හරි බොළඳ වැඩ කරන්නේ.
මේ අයව දකින කොට පුදුම අප්පිරියාවක් තියෙන්නේ. මේ අය මොන මගුලක් කීවත් මිනිස්සු නම් ඡන්දෙ දෙන්නේ නැහැ. අපි දන්නා විදිහට 80000ක් පමණ පිරිසක් ගෙන්වලා ඉවරයි.
ඒ ගොල්ලන්ට රටවිරුවෝ ඕනෑ වුණේ මහ මැතිවරණය දිනාගන්න. මේ ගොල්ලන්ට හදිසියේම මතක් වෙලා හඳුන්පත කී ගාලා තියෙන්නේ... පළාත් සභා ඡන්දයක් තියයි වගේ දෙයක් දැනිලද කොහේද? දෙගොල්ලන්ගේම කෙරුවාව එකයි. ඡන්ද ටික අල්ලගන්න විතරයි.
නියම සෙට් එක. දේශපාලන වාසි තිබේ නම් හැම අයියම පාරේ බෝඩ් උස්සන්. රජය මෙච්චර පිළිවෙලට වැඩේ කරගෙන යනවා. මේ වෙද්දී 60000කට අධික අපේ අය ආපු එක ගැන සද්ද නෑ. අපේ මෙහෙ රූම් එකෙත් තිස් ගානක් ඉන්නවා. අපිට නම් බොරුවට මේ පාහර දේශපාලුවෝ කරන දේවල් වලට අහුවෙන්න ඕන නෑ. මට ඇත්තටම පැහැදීමක් තියෙනවා ලංකාවේ රජය මෙච්චර ලෝකේ රටවල් නැති නාස්ති වෙද්දී අපේ රටේ අරන් යන වැඩපිළිවෙල ගැන. ඔය අනිත් රටවලුත් යස අගේට වහගෙන යන්නේ දැන් පෝලිමට. මගෙත් දරුවෝ නෝනා අම්මා ලංකාවේ. මට හොඳටම විශ්වාසයි ඒ මිනිස්සු අපිට වඩා යහපත්ව ඉන්නවා කියලා ලංකාවේ. මට ඇත්තටම ලැජ්ජයි මේ මිනිස්සු මේ රජය එක්ක තියෙන තරහට අපේ දුක පාවිච්චි කරලා මේ කරන වැඩ වලට. ලංකාවට ඇවිල්ලා අපි මොනවද කන්න බොන්න දෙන්නේ ළමයින්ට? ආයේ මෙහෙ ජොබ් හොයාගන්න එකත් ෂුවර් නෑ ලංකාවට ඇවිල්ලා ආයේ යද්දී. රාජපක්ෂලාගේ මේ තීරණවලට ගරු කරනවා ත්‍රිවිධ හමුදාවට මගේ ස්තුතිය. මගේ මල්ලිත් ආමි එකේ. ඔවුන් මේ රටේ මිනිස්සු බේර ගන්න විඳින දුක මම හොඳට දන්නවා. අපේ ගෙදරකින් කවදාවත් රාජපක්ෂ කෙනෙකුට ඡන්දයක් දීල නෑ. ඒත් මේ මිනිස්සුන්ට වඩා මේ රජය පිළිවෙලට වැඩ කරනවා. මෙහෙ ඉන්න අපියි ඇත්ත හරියටම දකින්නේ...
ගරු සජිත් මහත්තයෝ මිනිස්සු කුලප්පු කරන්නේ නැතුව ඉන්න... රනිල් මහත්තයා හිටියා නම් මීට හොඳයි. මේ එකෙක්වත් වැඩක් කරන උන් නෙමේ කයිවරුකාරයෝ. දුකයි, ලැජ්ජයි. ලංකාව වෙනුවෙන් කරන්න තියෙන්නේ ඔය බම්බුවේ පැණි මගුලක් නැතුව බෙහෙතක් ගෙන්නන්න වැඩපිළිවෙලක් හදන එක. තව ටික දවසකින් අපිට මෙහෙ ප්‍රතිජීවක බෙහෙත් හම්බවෙයි. අඩුපාඩු තිබුණත් මේ රටවල් එක්ක බලද්දී ලංකාව ඇත්තටම ඉස්සරහින්. බලන් ඉන්න බැරිම තැන ලිව්වේ මේ නාඩගම්...
අර රන්ජගෙ මිලියන හතර දෙන්නකෝ.. මේ රට විරුවෝ ටික ගේන්න.
ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලා මේ අය දන්නවා. ඒ කොහොම නමුත් දැන්වත් මෙයාලගේ ඇස් අරුණ එකට ස්තුතිය පුදනවා.