(රොහාන් කුමාර දිසානායක)
විදේශ ගමන් බලපත්‍ර 79ක් සහ ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර 5ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය ඇහැලියගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.
මෙම සැකකාර කාන්තාව ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් ලක්ෂ පහේ සිට දහය දක්වා මුදල් රැගෙන ඔවුන් රවටා ඇති බවද පොලිසිය මූලික පරීක්ෂණවලදී හෙළි කරගෙන ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව කෑගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද සැප..? සියල්ලෝම පාපතරයන් නැති භංග වේවා...!!!