IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


’’විදෙස්ගගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ රුපියල් කරන්නේ නෑ'’’

( තිළිණි ද සිල්වා )

විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරෙන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහබැංකුව කියා සිටී.

මෙම ප්‍රචාරයන් පෞද්ගලික වුවමනාවන් සහිත පාර්ශව විසින් පතුරුවා හරිනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින්  මහබැංකුව ප්‍රකාශ කර සිටඋ.

රජය විසින් ඩොලරයකට ගෙවනු ලබන අතිරේක රුපියල් දෙකක දිරිගැන්වීම යටතේ, ශ්‍රී ලංකා රුපියල්වලට  ස්වෙච්ඡාවෙන් පරිවර්තනය කරනු ලබන විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් සියයට 10ක් 2021 මැයි 28 දින සිට  බලපත්‍රලාභී බැංකු විසින් මහ බැංකුවට විකුණනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබෙමින් පවතින මෙම මූල්‍ය  ප්‍රවාහය පදනම් කරගෙන සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමේ හැකියාව සොයා බැලීමට යෝජනා සඳහා වූ ඉල්ලීම් සිදු කෙරෙන අතර, මෙම සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙල මගින් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා කිසිදු බලපෑමක් ඇති නොවනු ඇතැයිද මහ බැංකුව පෙන්වා දේ .

තවදුරටත් තම ප්‍රේෂණ පෙර මෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ගිණුම්වල නිදහසේ අඛණ්ඩව රඳවා තබා ගැනීමට ‍‍හෝ ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රමිකයන්ට කිසිදු බාධාවක් නැතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.

ඒ අනුව, එවැනි අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව  ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.



අදහස් (11)

’’විදෙස්ගගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ රුපියල් කරන්නේ නෑ'’’

sharm warn Tuesday, 16 November 2021 11:41 AM

මොලේ නැති අධිපතියෙක් පත් කරලා මහා බැංකුවත් හින්දලා තව බයිලා ගහන්නත් එනවා .එතකොට අපිද කිව්වේ මෙහෙට එවන විදේශ විනිමය රුපියල් වලට හරවන්න ඕන කියලා ?මුන් සේරම රිවස් පෙති ගහලා ඉන්නේ

:       2       15

kamal Tuesday, 16 November 2021 12:27 PM

අපේ මහා බැංකුව අපිට විශ්වාසයි, එහෙම නේද ?

:       3       5

BamunuarachchiWednesday, 17 November 2021 07:46 AM

ඒ විස්වාසය නැතිකලේ කව්ද? යහපාලක ගොඩේ හිටපු කෙනෙක් බලයට ආවොත් ඔන්න විස්වාස නැහැ.

:       1       0

nalin Tuesday, 16 November 2021 01:04 PM

මටනම් මේ ආන්ඩුව කියන දේවල් සතපහකට විස්වාසයක් නෑ. ජොන්ස්ටන් කිව්වනෙ රටේ ඕනෙ තරම් සල්ලි තියෙනව කියල දැන් සල්ලි නැතිව තෙල් ගෙන්නන්න බෑලු. එතකොට මිලින්ද රාජපක්ශ කියනව සින්ගප්පූරුවට කෑම නෑලු. මේ වගේ අමූලික බොරු කියල රටේ මිනුස්සු මුලා කරන එකනෙ කරන්නෙ. ඉතින් මෙහෙම නම් කරන්න අපි කොහොමද මේගොල්ලො කියන එව්ව විස්වාස කරන්නෙ.

:       3       14

samareTuesday, 16 November 2021 06:37 PM

ජොන්ස්ටන් කියන එව්වා නම් තඹ සතේකට විශ්වාස කරන්න බෑ. එයාගේ එකවුන්ට් එකේ තියන සල්ලි ගැන වෙන්න ඇති ඔය කියන්නේ... සිංගප්පූරුව ඇතුලු ගොඩක් රටවල සමහර බඩු හිඟයක් නම් තිබෙන බව ඇහෙනවා... කොරෝනා නිසා නිෂ්පාදන සහ ගෝලීය ප්‍රවාහන ප්‍රශ්න නිසා. සිංගප්පූරුවේ තාමත් දිනකට 2000 පන්නලා කෝවිඩ් ලෙඩ්ඩු. ගිය මාසේ අන්තිම හරියේ දවසට 5000 පන්නලා තිබුණා. ඒ නිසා ආහාර සහ අනිකුත් ද්‍රව්‍ය හිඟවීම වගේම බඩුමිල වැඩිවීම ගොඩක් රටවල පොදු ප්‍රශ්නයක්... අද ඔස්ට්‍රේලියාවේ පුවත්වල තිබෙනවා සියලුම බඩු 15% හෝ ඊටත් වඩා වැඩිය.., එක් හේතුවක් ලොක්ඩවුන් කරන විට මිනිසුන් කලබලෙන් සුපර්මාර්කට්වලින් බඩු හිස්කිරීම කියලා. ඒ නිසා ඉල්ලුම සහ සැපයුමේ ප්‍රශ්න දිගටම යනවාලු. මොන බණේ වුණත් අන්තිමට සල්ලි නැති නිසා බඩු නෑ.. බඩු නැති නිසා තියන ඒවායේ මිල ඉහළ යනවා කියන සූත්‍රය තමයි වෙන්නේ. ජොන්ස්ටන්ට වසරේ හොඳම බොරු කියන්නා තනතුර දෙන අතරේ ඔය මිලින්ද රාජපක්ෂ කියන එක්කෙනා කිව්වාය කියන කතාව නිකම්ම බැහැර කරන්න එපා.. පිටරට නිවුස් ටිකක් බලනකොට තේරේවි ඇත්ත බොරුව​...

:       2       0

ඇන්තනි Tuesday, 16 November 2021 01:06 PM

මේ දේසපාලුවන් හා මෝඩ රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීමට ඔබේ ඩොල්ර් එවන්න එපා. ඒවා ඔබ ඉන්න තැනක ආයෝජනය කරන්න

:       3       21

sri lankan in a foreign countryTuesday, 16 November 2021 04:06 PM

මම නම් අපේ පවුල්වල අයගේ වියදම් සඳහා ඇමරිකන් ඩොලර් එවනවා. මගේ සල්ලි නම් බලෙන් රුපියල් කරලා නැහැ. අවශ්‍ය වුණාම රුපියල් වලට හරවනවිට නියමිත මුදලට වඩා රුපියල් දෙක ගානේ වැඩියෙන් ලැබෙනවා. ඒ රාජ්‍ය බැංකුවක් මගින්. අපිට නිදහස් අධ්‍යාපනය දීපු රටට කෙල ගහන්න තරම් තාම පහත් තත්වයක නෑ. අනික ඔය එවන්න එපා කියන ගොඩක් අය ලංකාවේ ඉන්නේ... අපි වගේ මෝඩයින් ටිකක්වත් මුකුත් නොඑව්වොත් ඔය කියන අයටම නේද වදින්නේ?

:       3       3

BamunuarachchiWednesday, 17 November 2021 11:54 AM

ඇන්තනිගේ කන රතුවෙන්නම දුන්නා වගෙයි පව් අප්පා.

:       1       1

suddaWednesday, 17 November 2021 09:56 AM

මමත් විදේශ රැකියවෙන් උපයන මුදල් ඇමරිකන් ඩොලර් වලට හරවලා ලංකාවේ රාජ්‍ය බැංකුවක SDA නමින් හඳුන්වන විෂේශ ස්ථිර තැන්පතුවක් දැම්මා ගිය අවුරුද්දේ. ඇමරිකන් ඩොලර් SDA එකට 6% වාර්‍ෂික පොලියක් වෙන කොහෙවත් නෑ මේ වෙලාවේ. ඒක දැන් අවුරුද්ද පනින්න ඔන්න මෙන්න​. දැන් 7% පොලියක් ගෙවනවා, ඒ නිසා ආපහු තව දුරටත් ඒ ගිනුම ගෙනියනවා​. ඒ පොලී සාමන්‍ය NRFC එකට දාලා අවශ්‍ය වෙලාවට රුපියල් කරනවා. මගේ තව යාලුවෙක් ගිය අවුරුද්දේ මුල ඉඳලා කරලා දැනටමත් ලාබ ලබනවා.

:       0       0

Bamunuarachchi Wednesday, 17 November 2021 11:52 AM

කණගාටුයි අපි දැනටමත් අපි නමින් මුදල් එවන්න එපා වෙනත් ගිණුම් වලට යවන්න කියා උපදෙස් දුන්න. ඔබලා පරක්කුයි.

:       1       1

DGee Wednesday, 17 November 2021 03:43 PM

ඔවුන්ව ආකර්ෂණය කර ගැනීමට තාවකාලිකව රුපියල් 20. ට ,$ දෙන්න. යථාර්ථවාදී වන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

චන්ද්‍රිකා ආදරය රැගෙන උතුරට යයි
2025 පෙබරවාරි මස 19 250 0

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පාසල් 10ක සිසු සිසුවියන් 3266ක් සඳහා පාසල් පාවහන්, පොත් පත් ලබාදීමේ වැඩසටහනක් හිටපු ජනාධිපතිනී චන්ද්


හෙරොයින් සමඟ සිසුවියක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 19 910 0

හෙරොයින් ළඟ තබාගෙන සිටි පාසල් සිසුවියක් ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදි අද(19)සවස අත් අඩංගුවට ග


සංජීවගේ වෙඩික්කරු පුත්තලමේදී අල්ලයි
2025 පෙබරවාරි මස 19 4580 5

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැ


තැඹිලි 300 පනී
2025 පෙබරවාරි මස 19 436 1

මේ දිනවල කොලඹ සහ තදාසන්න ප්‍රදේශවල තැබිලි ගෙඩියක මිල රුපියල් 300 ඉක්මවා ඇතැයි පාරිභෝගිකයන් පවසති.


කල්දැමූ පුංචි ඡන්දයේ ඇප මුදල් ගෙවීම අරඹයි
2025 පෙබරවාරි මස 19 350 1

2023 වසරේ කල්දැමූ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පත් කළ පුද්ගලයන්ට එම ඇප මුදල් ගෙවන බවත් ඒ සදඟා අවශ්‍ය ලියකියවලි මේ මස 28 වැනිදාට පෙර අදාල දිස්ත්‍රික් මැත


හරක් කටාට උදවු කළ CID සන්දීප මෙරටට ගෙන එයි
2025 පෙබරවාරි මස 19 2219 0

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ , පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ග


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 358 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 156 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site