IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


විදේශ සේවා ප්‍රධානීන්ගේ ඉල්ලීමට බෑ කියයි

 

(කැළුම් බණ්ඩාර)

දේශපාලන හිතවත්කම් මත විදේශ සේවය සඳහා බඳවාගන්නා ලද නිලධාරීන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වැඩිපුර කල් ඉල්ලා සිටියද රජය ඒ සඳහා අවසර දී නැති බව වාර්තා වේ.

කලින් පැවැති රජයේ දේශපාලන හිතවත්කම් මත පත්කරන ලද සියලුම විදේශ සේවා ප්‍රධානීන්ට නැවත සියරට පැමිණෙන ලෙස රජය මේ වන විටත් දැනුම් දී තිබේ.

ඔවුන් සියලු දෙනාම මේ මස (දෙසැම්බර්) 31 වැනිදාට පෙර නැවත ශ්‍රී ලංකාවට පැමිණිය යුතු නමුත් ඇතැම් දෙනා මාස කිහිපයක් කල් ඉල්ලා තිබේ.

එහෙත් ඔවුන්ගේ එම ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇතැයි වාර්තා වේ.

ඔවුන් නැවත පැමිණීමෙන් පසුව විදේශ සේවය සඳහා නව කණ්ඩායමක් පිටත්කර හැරීමට රජය සූදානමින් පසුවෙයි.

විදේශ සේවා ප්‍රධානීන් 20 දෙනකුට වැඩි පිරිසකට නැවත සියරට පැමිණෙන ලෙස රජය මේ වන විටත් දැනුම් දී තිබේ.



අදහස් (6)

විදේශ සේවා ප්‍රධානීන්ගේ ඉල්ලීමට බෑ කියයි

Raveendra Friday, 20 December 2019 07:01 AM

හොඳ තීරණයක් හිටපු දේශපාලකයන්ගේ ඇම්බැට්ටයන් නැවත දිවයිනට එන ලෙස දැන්වීම... එලෙසම දැන් බලයේ ඉන්න දේශපාලුවන්ගේ ඇම්බැට්ටයින්ටද එවන් පත්වීම් ලබා නොදෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. තම රාජකාරියට නුසුදුසු නම් සක්‍රදෙයියන් වුණත් පත්නොකළ යුතුමයි...

:       2       5

රවින් Friday, 20 December 2019 08:36 AM

විදේශ සේවා සඳහා නිසි පුහුණුවලත් විදේශ සේවා සංචිතයේ නිලධාරින් පමණක් පත්කළ යුතුයි. ඔවුන් ඔවුන්ගේ රාජකාරිය හරි හැටි නොකළොත් අවශ්‍ය නීතිමය පියවර ගත හැකිය. නමුත් දේශපාලුවෝ? කටුස්සෝ වගේ පාට මාරු කරකර සෙවල පෙරාගෙන බුදිය ගනීවි...

:       0       9

RaveendraFriday, 20 December 2019 09:03 AM

සහතික ඇත්ත... පක්ෂ, පාට වෙනස් වුණත් දේශපාලුවන් යනු සොරකමේ උපන් හපන්, මහජන මුදලින් ජීවිතේම පිනටම ගෙවන කාලකන්නි වර්ගයකි.

:       0       14

Mahee Friday, 20 December 2019 08:56 AM

මේකට හිනාවෙනවද? අඬනවද? කියලයි මං මේ කල්පනා කලේ. අතීත දේශපාලුවන්ගේ හෙන්චයියලා ආපහු ගේන එක ඉතාම හොඳයි.. එ්කට මං හරි සතුටුයි. ඒ වෙනුවට වර්තමාන හෙන්චයියලා සෙට් එකක් යවයිදෝ කියලා බයයි. මට අඬන්න වෙන්නේ එතකොටයි. එහෙම නොවී හිනාවෙන්නම ලැබේවා කියල මං පතනවා.

:       0       18

Gune Friday, 20 December 2019 10:19 AM

මේකේ පොටෝ එක 'විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ' නේද? අපොයි, එ්කේ ඉන්න කට්ටිය නම් දේශපාලනේ ගෑවිලාවත් නැති අපක්ෂපාතී, අවංක උදවිය. ඒ ගොල්ලන්ගේත් පිටරටවල නියෝජිතයන් ඉන්නවා මගේ හිතේ... ඇහැ පියාගෙන ඔක්කෝම ගෙන්න ගන්න පුළුවන්, "විදේශ සේවය" කියන්නේ නම් වෙන එකක්..

:       0       0

පරා Friday, 20 December 2019 12:13 PM

හොඳ තීරණයකි. නමුත්‍ නැවත යවන අය දේ‍ශපාලන අතකොලු නම් එය වැරදියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 338 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site