IMG-LOGO

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කැමති සේවකයින්ට අඩ වැටුප් සමඟ නිවාඩු

 

(විනීතා එම් ගමගේ)

ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කැමති කාර්ය මණ්ඩලයේ  සාමාජිකයන්ට අඩ වැටුප් ගෙවා නිවාඩු ලබා දීමට එහි කළමණාකාරිත්වය තීරණය කර ඇත.

ඒ අනුව වැටුප් බාගයක් සහිතව නිවාඩු ලබා නිවසේ සිටීමට හෝ සාමාන්‍ය පරිදි සේවයේ යෙදීමට කැමැත්ත සඳහන් කර අයැදුම්පත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා කාර්යංශයේ සාමාන්‍යධිකාරිවරයා විසින් අභ්‍යන්තර උපදෙස් පත්‍රිකාවක් මේ වනවිට සියලු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත යවා ඇති අතර තම කැමැත්ත මේ මස 15 වැනිදා පස්වරු 1 ට පෙර පරිපාලන හා මානව සම්පත් අංශය වෙත  ඉදිරිපත් කරන්නැයි ද ඉල්ලා තිබේ.

ඔක්තෝබර් 1 වැනිදා සිට දෙසැම්බර් 31 දා තෙක් මෙසේ අඩ වැටුප සහිත නිවාඩුව ලබා දෙන බව කාර්ය මණ්ඩල වෙත යවා ඇති උපදෙස් පත්‍රිකාවේ දන්වා ඇති අතර කාල සීමාව තුළ අඩ වැටුපට සාපේක්ෂව පමණක් සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල සඳහා දායකත්වය ලබා දෙන බව ද සඳහන් වේ.

එමෙන්ම කාර්යංශයෙන් ලබාගෙන ඇති ණය මුදල්වල වාරික අඩ වශයෙන් අය කර ගැනීම සිදුකරන බවත් අඩ වැටුප් ලබා නිවාඩු ලබා සිටීම හේතුවෙන් සේවා කාලය ඛණ්ඩනය නොවන අතර වෘත්තීය ජීවිතයේ උසස් වීම් හා වෙනත් ප්‍රතිලාභවලට බාධාවක් නොවන්නේ යැයි ද එහි සඳහන් වේ.

ස්ථිර සේවයේ යෙදෙන නිලධාරින්ට මෙම නිවාඩුව සඳහා ඉල්ලුම් කළ හැකි අතර කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදෙන කාර්ය මණ්ඩල සඳහා අදාළ නොවනු ඇත. එමෙන්ම ප්‍රසූත නිවාඩු, ප්‍රසූත අඩවැටුප් නිවාඩු හෝ වෙනත් අනුමත වැටුප් සහිත නිවාඩු ලබා සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා ද මෙම වැඩපිළිවෙළ අදාළ නොවනු ඇත.

 

මේ අතර කාර්යංශයේ පුහුණු මධ්‍යස්ථාන කිහිපයක් තාවකාලිකව වසාදැමීමට ද කටයුතු කරමින් සිටින බවත් පවතින කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ කාර්යංශයේ ආදායම අඩුවීම හේතුවෙන් මෙවැනි වැඩ පිළිවෙළ කිහිපයක් යෝජනා වී ඇති අතර තවමත් මේවා යෝජනා මට්ටමේ පවතින බවත් මෙම අභ්‍යන්තර උපදෙස් පත්‍රිකාවට අස්සන් තබා ඇති, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යධිකාරි ඩබ්ලිව් එම් ඊ වන්සේකර මහතා පැවසීය.

මෙම යෝජනා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට ඉදිරිපත් කර නැති බවත් යෝජනා මට්ටමේ පවතින අතර එහි තත්ත්වය සළකා බලා ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න තීරණය කරන බවත් කී සාමාන්‍යධිකාරිවරයා ආයතනයේ අනාගතය වෙනුවෙන් මෙවැනි සමහර තීරණ ගත යුතුව ඇතැයි ද කීය.



අදහස් (13)

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කැමති සේවකයින්ට අඩ වැටුප් සමඟ නිවාඩු

MOHOMED Tuesday, 08 September 2020 01:24 PM

රට විරුවෝ නැතිනම් ලංකාවේ ආර්ථිකය නැත්තටම නැතිවෙයි... රට විරුවෝ හින්දා කී දාහක් ජීවත් වෙනවාද?

:       17       284

nimaliWednesday, 09 September 2020 12:43 AM

මේකේ ඉන්න සමහර අයගේ පවුල්වල ගමන් යන්නෙත් මැදපෙරදිග ගිහින් සල්ලි එවන දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් නඩත්තු වෙන වාහන, පෙට්‍රල් සහ රියදුරු මහතුන් සමගින්. ඒවා හොයලා බලන්න.

:       0       0

RaveendraWednesday, 09 September 2020 03:33 AM

මෙතෙක් කල් මෙන්ම මේ මොහොතේත් ලංකා මාතාවගේ සියලුම දු දරුවන් තුන් වේල බඩගින්න නිවගත්තේ සියලුම කැපකිරීම් කර තම ලේ කදුළු දහඩිය හෙලමින් විදේශවල බැල මෙහෙවර, වහල්සේවය කරන ඒ අහිංසක මිනිසුන් නිසා බව සදහන් කිරීමට කැමැත්තෙමු. එනමුත් මෙම වසංගත රෝගය හමුවේ රැකියා අහිමිවී ඉතාමත්ම අසරණව තමන්ගේ මව්රටට ඒමට නොහැකිව කිසිවක් කරකියාගත නොහැකිව අන්ත අසරණව සිටින්නේත් " එම මිනිසුන්විම ඉතාමත්ම සෝචනීය" බවත් සදහන් කරන්නෙමු. විදේශවල සේවය කරන කිසිවෙකු තමන් උපන් රටට "ණය නැත".....

:       9       132

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 08 September 2020 01:28 PM

කාර්යාංශය බත්තරමුල්ලට ගෙනගියාට පසු විදේශ රටවල ඉන්නා ශ්‍රමිකයින්ට වඩා වැඩි පිරිසක් මෙහි සේවය කරන බව උදේ 8ට ප්‍රධාන දොරටුව ළඟ සිටියානම් බලා ගත හැකි වේවි. කාර්වලින් මෝටර් සයිසිකල් වලින් සහ බස්වලින් බැස යන ගණන ගණන් කල නොහැකි තරම්ය. ඇතුළට ගියාම අපේ වැඩ ටික කරන්න කළින් ඒ අයගේ පෞද්ගලික දේවල් සහ ඊයේ රාත්‍රියේ රුපවාහිනී ටෙලි නාට්‍ය කතා සියලු දේවල් අපටත් අසා ගන්නට පුළුවන් වෙනවා...

:       6       630

dayaWednesday, 09 September 2020 01:22 AM

මේ කතාවෙන්ම තේරෙනවා මේකේ සේවකයින් ඉන්නේ වුවමනාවට වඩා වැඩියෙන් කියලා. මේක හොරගුහාවක්... අහිංසක මිනිසුන්ගේ දහදියෙන් සැප විදින අය සිටිනා.

:       0       0

RaveendraWednesday, 09 September 2020 03:12 AM

ඔබගේ වටිනා අදහස් 100% නිවැරදිය... මෙම ප්‍රධාන කාර්යාලයේ මෙන්ම පළාත් කාර්යාල වලද වැඩිම වැඩි පිරිසක් පිං මාමලා සහ පිං නැන්දලාය ...

:       61       156

saman - male Tuesday, 08 September 2020 02:02 PM

මේ කාර්යාංශයේ නිලධාරීන් හැමදාම කරේ එයාර් පෝර්ට් එක හරහා රට යන මිනිස්සුන්ට ගොරවන එක විතරයි. දැන්වත් තේරුම් ගත්තොතින් හොඳයි මේ අය ජීවත් වෙලා තියෙන්නේ අහිංසක විදේශ ශ්‍රමිකයින්ගේ සල්ලි වලින් කියලා.. රට ඉන්න අපට කිසිම සේවයක් නැති ආයතනයක්... වහලා දාන එකම හොඳයි.

:       0       242

කුමාර Tuesday, 08 September 2020 02:08 PM

ඕක වහලාම දැම්මා නම් හොඳයි. දැන් මැදපෙරදිග දුක් විඳින අය නිසානේ ඔය කාර්යාලය නඩත්තු වුනේ. මෙහෙ ඉන්න ටිකත් ලංකාවට ආවම ඉතින් ආදායමක් නැහැනේ.

:       0       192

Dhammika Tuesday, 08 September 2020 02:40 PM

ඉතා හොඳ තීරණයක්... කැමැත්ත විමසන්න දෙයක් නැහැ. අපි වැඩකරන කොම්පැණිවල වගේ කෙළින්ම පඩියෙන් කපන්න භාගයක්ම හැමෝගේම... නැතිනම් පඩි නැතිව වැඩකරන්න කියන්න මාස 03ක්... අපිත් වැඩකරන්නේ ගල්ෆ් වල තමයි.. ඔහොම නළවලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ.

:       11       263

Champa Tuesday, 08 September 2020 03:27 PM

මුළු ලෝකයම කෝවිඩ් 19 වර්තමාන තත්වයට සහ පසු කෝවිඩ් 19ට අනුගත වෙන්න විවිධ තීරණ ගන්නවා. මේ තීරණය සම්බන්ධව මේ යෝජනාවේ තියෙන සියලු දේ බලපුවාම මට නම් මෙතන අසාධාරණයක් පෙනෙන්නේ නැහැ. මේ තීරණය සාමාන්‍ය සේවකයින්ට විතරක් නෙමෙයි,.. ඉහළ නිලධාරින්ටත් වලංගු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉහළ නිලධාරින්ට ගෙවන ඉන්ධන දීමනා ඇතුළු විවිධ දීමනාත් අඩකින් අඩුකරන්න ඕනේ. ඒ වගේම ඉහළ නිලධාරිනුත් කිසියම් ප්‍රතිශතයක් අඩ වැටුපකට මාස 03කට වැඩ කරන්න හෝ ගෙදර ඉන්න කියන්න ඕනේ...

:       0       123

ChampaTuesday, 08 September 2020 04:18 PM

තව කොටසක් එකතු කරන්න ඕනේ. කුලී ගෙවල්වල ඉන්න සේවකයින්ට අඩ වැටුප බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම පාසල් යන දරුවන් ඉන්න සේවකයින්ටත් අඩ වැටුප ජීවත් වෙන්න මදි වෙන්න පුළුවන්. ඒ හින්දා එහෙම සේවකයින් තෝරලා ඒ අයට මේ එක්කම පොලී රහිත ණයක් දෙන්න කටයුතු කරනවා නම් හොඳයි. ඒ මුදල නැවත රැකියාවට ආවට පස්සේ කොටස් වශයෙන් කපා ගන්න පුළුවන් විදිහට...

:       180       121

ChampaWednesday, 09 September 2020 09:17 AM

මම දෙවෙනි කොමෙන්ට් එක ලිව්වේ මේ ප්‍රවෘත්තියේ දෙවෙනි පරිච්ඡේදයේ මුල තියෙන එක බලලා. එතන තියෙනවා අඩ වැටුපකට ගෙදර ඉන්නවද? සේවයට එනවද කියලා සේවකයින්ට තීරණය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔබ ගෙදර හිටියත්, සේවයට ආවත් ඔබට ලැබෙන්නේ වැටුපෙන් අඩක් කියන එක. සමහර විට අනියම් සහ කොන්ත්‍රාත්තු පදනම මත ඉන්න සේවකයින්ගේ සේවය නවත්තයි මේ මුකුත් නැතුව... ස්ථිර සේවකයන් සේවයෙන් අයින් කරන්න බැහැ. වෘත්තීය සමිති තියෙන්නේ මේ වගේ වෙලාවක මැදිහත් වෙන්න. සේවකයින්ගේ පැත්තෙන් වඩාත්ම හොඳ විසඳුම ගැන කතාකරලා තීරණයකට එන්න. මේක තවම යෝජනාවක් විතරයි.

:       0       0

keerthi Wednesday, 09 September 2020 12:46 AM

අඩක් නෙමෙයි 3/4 ක් අඩුකළත්, දැන් ඇති සේවයෙයි ඒකෙයි වෙනසක් වෙන්නේ නැහැ. මොකද නිකන්ම ඉන්න කයිවාරුකාරයින් ඉන්න තැනක්... කලින් ඇමතිවරුම කිව්වේ මේක හොරගුහාවක්.. ප්‍රංශ කාර්යාලයන් වගේ තැනක් කියලා. බහුතර අය දේශපාලන පත්විම්. කරන දෙයක් නැහැ. පවතින පක්ෂයට හැරිලා තමන් වාසි අරගෙන හොර වහගෙන ඉන්න එකතමයි මෙතන සිටින දූෂිත නිලධාරින් කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site