(ආරියරත්න රණබාහූ)
රජයේ පාසල් වල විදේශ භාෂා ඉගැන්වීම සඳහා උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දිනෙක අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති බවද අමාත්‍යාංශය පවසයි.
මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ විදේශ භාෂා ඉගැන්වීමේ අවස්ථෘ පුළුල් කිරිම සඳහා මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ සඳහා ගුරුවරු 279 දෙනෙකු බඳවා ගැනීමට කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයි ද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
දැනට විදේශ භාෂා ඉගැන්වීම සිදුකෙරෙන ජාතික පාසල්වල සහ ඉදිරියේ දී විදේශ භාෂා ඉගැන්වීමට යෝජිත ජාතික පාසල්වල 10-11 ශ්‍රේණිවල සහ උසස්පෙළ ශ්‍රේණි සඳහා මෙම ගුරුවරු යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගුරුවරු 279 දැන් හොඳම පාසල (කොළඹ ) ලගම පාසැල බවට පත් කරාවි.
උපාධිය අදාළ විෂයයට සම්බන්ධ නැත්නම් මේ ගුරු පත්වීම් වලින් හරි ප්‍රයෝජනයක් ලැබෙයිද? නැතිනම් අන්තිමේ මේකත් තවත් ඡන්ද ගුණ්ඩුවක් තමයි වෙන්නේ.
වැඩ සටහනක් පටන් ගන්න අනිත් රටවල ගුරුවරුන්ට ලංකාවට ඇවිල්ලා එයාලගේ මව් භාෂාව උගන්නන්න. එහෙම කැමති අය ගොඩක් ඉන්නවා. ස්වේච්ඡාවෙන් උගන්නන්න කැමතියි.
විදේශ භාෂා උගන්වන්න රාජ්‍ය පාසල්වලට උපාධිධරයෝ බඳවා ගත්තාට වැඩක් නැහැ. ඔවුන්ට විදේශ භාෂා දැනුම නැත්නම්. ප්‍රංශ, ජර්මන් භාෂා උගන්වන්න කලින් ඉංග්‍රීසි හරියට උගන්වන්න පුළුවන් ගුරුවරු ටිකක් සොයාගන්න.
තවත් ප්‍රෝඩාවක්...