(යොහාන් භාසුර)

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය මාසය තුළදී ඩොලර් මිලියන 300 කින් (රුපියල් කෝටි 6000) පමණ අඩුවී ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

විදේශ ප්‍රේෂණ ලෙස වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් (ඩොලර් කෝටි 700) පමණ ලැබෙන බව කී මහ බැංකු අධිපතිවරයා ඇතැම් පුද්ගලයන් හේතුවක් නොමැතිව වෙනත් ගිණුම්වල මුදල් තැන්පත් කිරීමට පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කරන බව ද සඳහන් කළේය.

මුදල් විශුද්ධිකරණ නීතියට අනුව එවැනි ගිණුම් තහනම් කිරීමට ද පියවර ගන්නා බව මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් කීය.