
(තිළිණි ද සිල්වා)
ලෝකය පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව තොරතුරු එක්රැස් කර ලේඛන ගත කිරීමට විදේශ අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ප්‍රථම වතාවට ශ්‍රි ලංකා රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට මෙරට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් දැනුවත් කර උන්වහන්සේලාගේ සහය හා මඟ පෙන්වීම් ලබා ගැනීමට ද විදේශ අමාත්‍යවරයා අපෙක්ෂා කරන බවද විදේශ අමාත්‍යාංශය සදහන් කර සිටී.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩ පිළිවෙල තුලින් ලෝකයේ බෞද්ධ රටවල් සමඟ ශ්‍රි ලංකාවේ සබඳතා පුළුල් කිරීමට එම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.
ඡායරූපයේ දැක්වෙන්නේ ලෝකය පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව එක් රැස්කල තොරතුරු පිළිබඳ පළමු ලේඛනය විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් විශ්වනාත් අපොන්සු මහතා විසින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට බාර දෙන අයුරුයි.
COMMENTS
Reply To:
-
ලංකාවේ තියෙන ඒවා ගැන දන්නවද?
විදේශ රටවල පන්සල් ගැන කෙසේ වෙතත්, ඒ පන්සල් වල තියන පිංකැට ගැන රජයේ අවදානය යොමු කරන එක නම් හොඳයි...
ඒවායේ තියෙන නිධන් ටිකත් හාරන්නද හදන්නේ?
වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? මේ බොරු සෝබන කාගේ වුවමනාවටද?
ලෝකේ ගැන හොයන්න කලින් තමන්ගේ රටේ උතුර නැගෙනහිර තියන ඓතිහාසික පන්සල් ටික රැකගත්තනම් මොකද
අපි සශ්‍රීකයි මුදල් ඕනෑතරම්.. ඒ හින්දා ඇමරිකාව වගේ අනුන්ගේ රටවල තියෙන මොනවා හරි දේවල් සොයමු හොඳේ.. ගරු යටිගිරි බෙරිහන් ඇමැතිතුමනි...!!!
මේකද දැනට ඇති වැදගතම දේ?