IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුලි සැර වැදී 17 හැවිරිදි තරුණයා මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම වාහන සේවා ස්ථානයක සේවය කළ 17 හැවිරිදි තරුණයෙකුට විදුලි සැර වැදී අද (24) මියගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල කැකුළුවෙල පදිංචි සුජිත් අරුනංග නැමැති තරුණයෙකු බව පොලිසිය කියයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන තෙක් මෙම තරුණයා වාහන සේවා ස්ථානයේ සේවය කර ඇතැයි පොලිසිය කියයි.

වාහනයක් සේදීම සඳහා ජල පොම්පය අතට ගන්නවාත් සමඟම විදුලි සැර වැදී මෙම අනතුර සිදුවී තිබේ.

හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මරණකරු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

 

 

 

 



අදහස් (2)

විදුලි සැර වැදී 17 හැවිරිදි තරුණයා මරුට

සමන්ත Friday, 24 January 2020 09:45 PM

මා මෙම මරණය ගැන දැක බරපතල ලෙසම කණගාටුවට පත්වුනා. අපේ රටේ හදිසි මරණ බහුල ලෙස සිදුවෙන අතර ඒවාට කිසි කෙනෙක් වග කියනු ලැබීමක් දක්නට නැත. මෙම තරුණ ජීවිත මෙන්ම මහමග අනතුරට ලක්වී මියයන සියල්ලන්ම රටේ සම්පත්ය. වගකිවයුතු රජයකට (පක්ෂ නොවේ) මෙවැනි විපත් දිගින් දිගටම සිදුවද්දී අහක බලාගෙන සිටිය නොහැක. ලංගම බස් රථ පල්ලම් වලට පෙරලීමෙන් මිනිසුන් මැරෙද්දිද, මුහුණට මුහුණ හැප්පීමෙන් මිනිසුන් මැරෙද්දීද, දුමරිය පාරවල බල්ලන් බළලුන් මෙන් මිනිසුන් මිය යද්දීද අප අහක බලාගෙන සිටින්නේ නම් රටකට යන කලදසාව කුමක්ද යන ප්‍රශ්නය මට තිබේ. බොහෝ වාහන සර්විස් ස්ථාන වල මෙන්ම, වෙනත් වැඩපොළ වලද, දුම්රිය, බස්රිය සහ රථ වාහන ධාවනයේදීද බරපතල ලෙසම ආරක්ෂක පියවර උල්ලංගනය කරන්නේ එවැනි සේෆ්ටි නීති රීති නියමකර ලෙස හඳුන්වා නොදීමත්, ඒවා වෙනම මාධ්‍යගත ආයතනකින් පාලනය නොවීමත්, කම්කරු නීති රීති ලිහිල් වීමත් නිසාය. අල්ලස් දීමෙන් වන්දි නොගෙවා වරදකරුවන්ට පැනයාමට හැකිවීමද වළක්වන නීති රීති ගෙන ආයුතුය. මෙවැනි සෑම වැඩපොළ අනතුරකදීම වෛද්‍යවරුද, කම්කරු දෙපාර්තමේන්තු සහ කමිටු නිලධාරීන් සහ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇති කළ යුතුය.

:       0       2

රවින් Saturday, 25 January 2020 01:10 AM

මෙම තරුණයා තම විභාග ප්‍රතිඵල එනතුරු කුමන හෝ රැකියාවක් කිරීමට පුහුණුවීම අගය කළයුතු කරුණක්. නමුත් අපරට නීති පද්ධතිය අනුව නම් රැකියාවක් කළ නොහැක. කෙසේනමුදු මෙරට පවතින නොසැලකිලිමත් භාවය නිසා තරුණ ජිවිතයක් අහිමිවුණා. විදුලි පරිපත නිසියාකාරව ක්‍රියා නොකිරීමෙන් හෝ නිසි දැනුමක් නොමැතිකම නිසාවෙන් මෙම මරණය වූවා යයි සිතිය හැකිය.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site