
(උපුල්වික්‍රමසිංහ)
2030 වනවිට රටේ සමස්ත විදුලිය ඉල්ලුමෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ රජයේ ඉලක්කයට ළඟා වීමට බාධාවන අයුරින් සූර්ය හා සුළං ප්‍රභවයන්ගෙන් මෙගාවොට් 190 ක විදුලිය නිපදවීමට අදාළ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීම වසරක කාලයක් තිස්සේ ප්‍රමාද කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
2020 වසරේ අගෝස්තු මසදී මෙගා වොට් 150 ක සූර්ය බලශක්ති විදුලි බලාගාර හා මෙගා වොට් 40 ක සුළං විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රකාවක් ඉදිරිපත් කළ ද සූර්ය සුළං සහ ජල විදුලි ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අදාළ අනුමැතිය ලබා ගැනීම පමා කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
ටෙන්ඩර් ක්‍රමය ඔස්සේ අඩුම මිලකට විදුලිය සැපයීමට ඉදිරිපත් වන සැපයුම් කරුවන් තෝරා ගන්නා ක්‍රමය වෙනුවට කලින් පැවති සම්මත මිල ගණන් යටතේ විදුලිය සැපයී මේ ව්‍යාපෘති ලබා දීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍යාංශයට තිබෙන්නේ ද කියා සාධාරණ සැකයක් මතු වනබව කී ඔහු 2030 වන විට විදුලිය ඉල්ලුමෙන් සියයට 70වක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ ඉලක්කයට ළඟා වීමට නම් එවැනි බලාගාර සඳහා වන ටෙන්ඩර් කැඳවීම් වසරකට තුනක් වත් සිදු කළයුතු බවද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා සූර්ය සුළං සහ ජල විදුලි ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍දුමින්ද දිසානායක මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
COMMENTS
1948 දී නිදහස ලැබූ අපි පෙබරවාරි 4දින නිදහස සමරමු.1971 පිහිටවූ බංග්ලාදේශය දකුණු ආසියාවේ දුප්පත් රට බවට පත්ව තිබී මේ වනවිට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන සිරි ලංකාවට ණය දීමට තරම් දියුණුව ඇත්තේ අප රටේ සිටින වැඩ පරක්කුලාගේ දේශපාලුවන් නිසාය
දේශපාලුවන්ගේ සාක්කු වැඩියෙන් පිරෙන පැත්තට තමයි වැඩ සිද්ද වෙන්නෙ.
පක්ෂ භේදයකින් තොරව ගත් කල බොහෝ දේශපාලකයන් හොරකමටම ඇබ්බැහි වූ අයයි. හැන්ඳ අතේ ඇති වැඩිමනක් රාජ්‍ය නිළදරුවන් ද ඊට දෙවෙනි නැත. මේ පාපකර්මය නිිසා නිධානයක් මත හිටගෙන හිඟාකන ජාතියක් බවට අප පත්වී ඇත. මහජනතාව කරන්නේ පක්ෂවලට බෙදී කුළල් කාගන්න එකය. ඉතින් කවදා අපි ජාතියක් හැටියට හිස ඔසවයිද ?
බංග්ලාදේශය රුපියක් හිලව්වකට ඩොලර් ටිකක් දුන්නා කියල අපේ රට ඔය තරම් පහත් අඩියකට දාන්න එපා
ඕවා වැඩක් නෑ. න්‍යෂ්ඨික බලාගාරයක් හදමු. ටිකක් මිල වැඩි වුණාට පාරිසරිකයි.
ඉතුරු ටික ඔක්කොම වික්කා නම් රටම දිනුම්...
මේ ඇමතිලා ජනතාවට පෙන්නන්නේ ඔවුන් හරි කාර්යක්ෂම බව... නිල නිවාස, නිල වාහන සංදර්ශන, වැටුප්, වරප්‍රසාද, පුද්ගලික කාර්ය මණ්ඩලය, අධි සුඛෝපභෝගි කාර්යාල... මේවා සේරම අරගෙනත් වැඩ කරන්න බැරි නම් වැඩක් තියෙයිද...?
ඕක හරියන්නේ නැහැ.. විදුලි බල ම්ණ්ඩලය විකුණලා දාන්න..
මේවාට මේ විදුලි බලේ නිලධාරිනුත් වගකියන්න ඕනෑ. මම සෝලා පැනල් සෙට් එකක් ගහලා ලයිසන් කරගන්න කාපු කට්ට දන්නේ මම විතරයි. ලෝකෙත් නැති කෝඳුරු තෙල් හත් පට්ටෙකුයි, තව චුට්ටකුයි තමයි මෙයාලා ඉල්ලන්නේ... වැඩේ නොකරන්නම තමයි වැඩ කරන්නේ. දේශපාලුවන් සහ නිලධාරින් සමානවම වගකියන්න ඕනෑ.
2030 වෙනකන් අපි බලන් ඉන්නේ නැහැ...!
100%ක් දේශපාලනඥයින් දුෂිතයි! අරමුණ අල්ලස්/කොමිස්... කිසිම අරමුණක් නැතිව වැඩ...!!
මම මේ කට්ටිය ඔක්කොටම කියන්නේ හැමදාමත් මේ රට කන දේසපාලුවෝ කට්ටියගෙන් රට බේරාගන්න නම් නිකම් ඔය කියා කියා ඉඳල විතරක් හරි යන්නේ නැහැ සමාජ ජාල මාධ්‍ය යොදාගෙන ඉතා විධිමත් අන්දමට සමාජය දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් කවුරු හරි විසින් හරි පටන් ගන්න ඕනි කියලයි. මොකද අපේ රටට වෙලා තියෙන්නේ තියෙන සම්පත් කිසිම දෙයක් නිසි ලෙස කළමනාකරණය කර ගන්න මේ දේසපාලන කාලකන්නි දන්නෙම නැති කමයි. උන් දන්නා ලොකුම දේ එක එක වචන දාල හැම දේම අන්තිමට විකුණලා දාල එදා වේල ශේප් කරගන්න එක විතරයි.
මෙම ප්‍රමාදය ඇත්තයි. එහෙත් පසුගිය වසර හතරක් තුලදී නිකුත් කරන ලද මෙගා වොට් 300 දක්වාවු ටෙන්ඩර වලින් තවමත් ක්‍රියාත්මක වී ඇත්තේ මෙගාවොට 50 කටත් අඩු ප්‍රමානයකි. එබැවින් එම ක්‍රියාවලිය කඩිනම් කිරීම වඩා වැදගත්ය. එමෙන්ම නිසැකයෙන්ම එම ටෙන්ඩර් පටිපාටියේ අඩුපාඩු හදුනාගෙන නව ටෙන්ඩරය තුලින් එවැනි දෑ ඉවත් කිරීම වඩා වැදගත්ය
උබලා හැමදාම පෙන්නුවේ ප්‍රමාදයයි .නොහැකියාවයි සුදු ඇඳගෙන පඩි අරගෙන පිනට කෙලින හොරා කන උබලා ලජ්ජා වෙයල්ලා
හොරාකම් කරන හැම කෙනාටම විරුද්ධව තම විරෝධය පල කල යුතුමය.