IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදුලි බල මණ්ඩලයේ උපකරණ තොගයක් කල්එළියේ නිවසක සඟවලා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ලංකා විදුලිබල මණ්ඩලය සතු රුපියල් ලක්ෂ ගණනක් වටිනාකමක්  ඇති  උපකරණ තොගයක් කල්එළියේ නිවසක සඟවා තිබියදී විදුලිබල මණ්ඩලයේ විමර්ශන ඒකකය සහ පල්ලෙවෙල  පොලීසිය අද(26) දහවල් සොයා ගත්තේය.

කල්එළිය නගරයට සමීපයේ පිහිටි ඉඩමක මෙම උපකරණ සඟවා තිබිණි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස අධ්‍යක්ෂවරයා ලද තොරතුරක් අනුව මෙම වැටලීම කෙරිණි. මෙම දේපළ සොයා ගනු ලැබූයේ අවිවාහක  60 හැවිරිදි පුද්ගලයෙකුගේ නිවසේ හා ඒ අවට පරිශ්‍රයේ සඟවා තිබියදී ය.

විදුලි රැහැන්, විදුලි කම්බි, කේබල්,  ඇණ මුරිච්චි,  ප්ලේට් ඇතුළු විවිධ අයිතමයන් ගණනාවක්  සොයාගත් දේපල අතර විය. ඒවායේ වැඩි කොටසක් ලංකා විදුලිබල මණ්ඩලය සතු බවට හැඟවෙන ලාංඡන  ද සටහන් කර තිබිනි. විදුලිබල මණ්ඩලයේ විමර්ශන නිලධාරීහු ඒවා එකින් එක ගණනය කර අනතුරුව සියල්ල වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන යාමට පියවර ගත්හ.

නිවස හිමිකරු මීට වසර 30 කට පෙර විදුලිබල මණ්ඩලයේ සේවය කර  ඇතැයිද ඒ අවස්ථාවේ අනතුරකට පත්වීමෙන් පසු සේවය හැර ගිය  පුද්ගලකු බවට ද තොරතුරු ලැබී ඇත.  ඔහුට විදුලිබල මණ්ඩලය සතු මේ සා විශාල අයිතමයන් ප්‍රමාණයක් ලැබුණේ කෙසේද යන්න හෙළිකර ගැනීමට වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

රුපියල් ලක්ෂ ගණනක් වටිනා බව කියන මෙහි ස්ථිර වටිනාකම ඉදිරි පරීක්ෂණ වලදී හෙළි කර ගැනීමට විමර්ශන නිලධාරීහු  කටයුතු කරමින් සිටිති.

වැටලීම කරනු ලැබූ නිවසේ ඉදිකිරීම්  බොහොමයකට විදුලිබල මණ්ඩලය සතු කොන්ක්‍රීට් කණු ඇතුළු දේ යොදාගෙන ඇති බව මෙහිදී දැකිය හැකි විය. එක් ගොඩනැගිල්ලක බාල්ක  සඳහා ද විදුලි කණු යොදා තිබිණි.

නිවස හිමිකරු ඊයේ (25) නිවසේ සිටි බවට තොරතුරු ලැබී ඇති අතර, මේවනවිට ඔහු ආගිය තැනක් පිළිබඳව සොයා ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.

 



අදහස් (0)

විදුලි බල මණ්ඩලයේ උපකරණ තොගයක් කල්එළියේ නිවසක සඟවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site