IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදුලි කප්පාදුව හෙටින් අවසන්

(ඩයනා උදයංගනී)

         

දැනට සිදුවන විදුලි කප්පාදුව හෙටින් (10) පසු අවසන් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙට (10) රාත‍්‍රියෙන් පසු යළිත් විදුලි කප්පාදුවක් සිදුනොවන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

රට තුළ පවතින අධික නියං තත්ත්වයත් සමඟ ඇතිවූ විදුලි අර්බුදයට අදියර තුනක් යටතේ විසඳුම් ලබාදීමට පියවර ගෙන ඇති බවත්, ඒ අනුව කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් පිළියම් ඉදිරිපත් කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දැනට සිදුකෙරෙන විදුලි කප්පාදුව නැවැත්වීමට නම් මෙගාවොට් 500ක 600ක පමණ විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කළ යුතු අතර අමතර විදුලිය මිලදී ගැනීම් යටතේ එම ප‍්‍රමාණය මිලදී ගැනීමට නියමිතය.

මේ තුළින් වෙසක් උත්සවය අවසන් වන තුරු විදුලිය සැපයීම නිසි අයුරින් සිදුකිරීමට සැලසුම් කර ඇති නමුත් පවතින අර්බුදය නිමා වන තුරු විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

 



අදහස් (5)

විදුලි කප්පාදුව හෙටින් අවසන්

saliya Tuesday, 09 April 2019 01:16 PM

ලංකාවේ සිලිකන් , ඉල්මනයිට් , රූටයිල් වැනි ඛනිජ බහුලය . ලංකාවේ බ්ද්ධිමතුන් කියා ගන්නා පිරිස හා දායක වී , සූර්ය බල තාක්ෂණය හා අනෙකුත් තාක්ෂණික මෙවලම් නිපදවන්නට කටයුතු සිද්ධ නොවන්නේ මන්ද? මේ පායන පෑවිල්ල සම්පතක් කර ගත හැකි නොවේද ? දක්ෂයින් මේ රට දියුණු කිරීමට දායක විය යුතුය.

:       0       1

namalWednesday, 10 April 2019 10:57 AM

ලංකාවේ විශ්ව විද්‍යාල වලින් බිහිවන විද්‍යාඥයින්ට පාරේ පෙළපාලි යාම හැර, මෙවැනි දෙයක් කළ නොහැකිය..

:       0       1

Bamunuarachchi Tuesday, 09 April 2019 02:46 PM

හොඳයි...

:       0       0

WIDULIPENU NOROCHCHOLEY Tuesday, 09 April 2019 02:56 PM

යාන්තන් ගාන සෙට්ල් වුණාද? ඇති යාන්තන් කරදරේ ඉවර වුණානං...

:       0       0

සංජීව Wednesday, 10 April 2019 04:24 AM

බෞධයින් විදිහට අපිට බැරිද රටේ සල්ලි ටික අරාබියට යවන්නේ නැතිව මේ පාර වෙසක් එක වැඩි විදුලි පරිභෝජනයක් නැතිව සමරන්න. මම හිතන්නේ එක තමා හරි දේ. දැන් විදුලිය ගන්න වෙලා තියෙන්නේ තෙල් දහනය කරලා. ඒ තෙල් එන්නේ අරාබියෙන්. ඉතින් සල්ලි යන්නේ අරාබියට.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site