(අජන්ත කුමාර අගලකඩ)
හදිසි අවශ්‍යතා මත විදුලිය මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත.
ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර ඇත්තේ හදිසි මිලදී ගැනීම් යටතේ මෙගාවොට් 100ක විදුලිය මිලදී ගැනීමට අනුමැතිය ඉල්ලා විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමිනි.
ටෙන්ඩර් කැඳවා දින 10ක් ඇතුළත විදුලිය මිලදී ගැනීමට හැකිවන ලෙස අනුමැතිය ඉල්ලා ඇමැතිවරයා මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කර ඇති ජනාධිපතිවරයා ටෙන්ඩර් කැඳවා දින 21 ඇතුළත මිලදී ගැනීමට හැකිවන සේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන්නැයි දැනුම් දී ඇති බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට අත දැම්මොත් අපි කරුවලේ !! හරියට කරපු එක දෙයක් කියන්න ? අනේ අපේ කරුමෙක මහත !
එහමනං තවත් නොදන්න පුද්ගලයකුගෙන් සුපිරි නිවසක් තෑගි ලැබේවි. මෙයා සලකන්නෙම පුද්ගලික අංශයමයි.
ඔය කරුමක්කාරයෝ 2015දී කළ කරුමේ තමයි අපිට මේ උරුම වෙලා විඳින්නේ...