
(සුජිත් හේවාජුලිගේ )
ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගබඩාවල කිරි සහ මස්වර්ග ගබඩා කර තැබීමේ කටයුතුවලටද එක දිගට විදුලිය කැපීම සහ ඉන්ධන හිඟය නිසා බාධා මතුව ඇතැයි එම මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.
මේ තත්වය යටතේ එම ගබඩා පිහිටි ප්‍රදේශවලට විදුලිය සැපයීම කැපීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට තමා කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
විදුලි සැපයීම පැයක් දෙකක් කැපීමෙන් කිරි සහ මස්වලට බලපෑමක් ඇති නොවන නමුදු පැය පහකට වැඩි කාලයක් විදුලිය කැපීමෙන් ඒවා නරක්වීමේ අවදානමක් මතුවිය හැකි බව පෙන්වා දෙන සභාපතිවරයා ඉන්ධන හිඟය නිසා එම ගබඩා සඳහා විදුලි උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමද ප්‍රශ්නකාරීවී ඇතැයි සඳහන් කළේය.
එසේම කිරි සහ මස් වර්ග ප්‍රවාහනයද ඉන්ධන හිඟය නිසා බෙහෙවින් අඩාළවී ඇතැයි මංජුල සුමිත් මාගමගේ මහතා ප්‍රකාශ කළේය.
ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළවල් 34 ක් රට පුරා ක්‍රියාත්මක වේ. මින් ප්‍රධාන කිරි ගබඩා පවත්වාගෙන යනු ලබන්නේ මැණික් පාලම බෝපත්තලාව සහ රිදියගම යන ගොවිපොළවල්වලය.
මේ අතර ගවයන් ඇතුළු ගොවිපොළ සතුන්ගේ ආහාර සඳහා යොදා ගන්නා තණකොළ කැපීමට භාවිත කරන තණකොළ කපන මැෂින් ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන හිඟය දැඩි ලෙස බලපා ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.
ඩීසල් හිඟය නිසා එම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සුපිරි ඩීසල් පාවිච්චි කිරීමට සිදුවී ඇති බවත් ඒ සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවීම ආයතනයේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක්වී ඇති බවත් ඒ මණ්ඩලයේ නිලධාරීහු පවසති.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
විදුලිය කැපීමෙන් කිරි-මස් නරක්වීමේ අවදානමක්
බද්රානි Thursday, 03 March 2022 04:28 PM
පහුගිය කාලේ එදා ඉඳල බිව්ව කිරිපිටි එකපාරටම අලජික් උනානේ අපේ අයියලාට. අර දේශපාලනය කරන දොස්තර මාෆියා කල්ලියේ දේශප්‍රේමී කතා අහල. අන්න ඒ කතා අහලා රැවටුණු අයට මේ නරක් උන එළකිරි දුන්න නම් ඔලුවේ තියන පාචන තත්වය ඉබේටම සුව වෙයි.