IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙන තැනකට ගෙනයන්න ඉල්ලීමක්

(අජන්ත කුමාර අගලකඩ)

කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ලක බදු පදනම මත පවත්වාගෙන යනු ලබන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යාමට එම අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් සංදේශයක්ද ඉදිරිපත් කර ඇත.

දැනට පත්වාගෙන යන ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් නොතිබීම සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම කර තිබේ.

විදුලිබල අමාත්‍යාංශයේ පවත්වාගෙන යන ලංකා කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ලේ බදු ගිවිසුම පසුගිය වසරේ ජුලි මස 31 වැනිදායින් අවසන් වූ අතර එය මේ වසරේ ජුලි මස 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

මෙම අමාත්‍යාංශයේ වෙනම ගොඩනැගිල්ලකට රැගෙන යාම සඳහා ගිය වසරේ අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබුණද එය මෙතෙක් ක්‍රියාත්මක වී නැත.

විදුලිබල අමාත්‍යාංශයේ දැනට පවත්වාගෙන යන ලංකා කම්කරු කොංග්‍රසයට අයත් ගොඩනැගිල්ල සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 17 ක පමණ මුදලක් බදු වශයෙන් මාසිකව ගෙවනු ලැබේ.



අදහස් (3)

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙන තැනකට ගෙනයන්න ඉල්ලීමක්

රවින් Monday, 17 February 2020 12:39 AM

ඇයි මේ මණ්ඩලේට වැඩිපුරම දිර්ගකාලින සැලසුම් නැත්තේ. කෙටි කාලින සැලසුම් වලින් හොද්ද බොරවෙනවා වැඩි හින්දාද? කොළඹ හා ඒ අවට පමණක් ගොඩනැගිලි කියක් බදු /කුලී පදනම මත ලබාගෙන තියනවාද? රාජ්‍ය ගොඩනැගිලි කියක් බදු /කුලී පදනම මත ලබාගෙන තිබෙනවාද? රාජ්‍ය ආයතන කියක විදුලි ජනක තිබෙනවාද? කී තැනකින් විදුලිය මිලදී ගන්නවාද? හැමදේම පෞද්ගලික අංශයෙන් මිලිදිගත්තහම සාක්කු කීයක් තර වෙනවාද? වැදගත්ම දේ තමා, ඔය සියලු ගසාකෑම්වලට ගෙවීම් සිදුකරන්න වෙන්නේ විදුලි පාරිභෝගිකයාට බව.

:       0       129

janahitha Monday, 17 February 2020 03:39 AM

ඔය හදන්නේ සබිතගේ මාලිගාවට යන්න.

:       0       18

දිමුත් Monday, 17 February 2020 06:51 AM

මමනම් කියන්නේ ඕක අර නිකන් තියෙන සබීතාගේ බිල්ඩිමට ගෙනියන්න කියලා. ඒකට කොහොමත් දැන් ගෙවලනේ තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site