IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


වෛද්‍ය සභාවට එරෙහිව පෙත්සම 30 වැනි දා

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
 
අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරි සිසුවියක විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව ගොනු කර ඇති පෙත්සම ලබන  30 වැනිදා සළකා බැලීමට  අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය. 
 
දිල්මි සූරියආරච්චි නම් අදාළ සිසුවිය ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති   ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද(16) කැඳවනු ලැබීය.
  
මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබී නොතීසි අනුව  පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
 
ඔවුන් වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ මනෝහාර දසිල්වා මහතා අධිකරණයට  දැනුම් දුන්නේ මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට තම සේවාදායකයින් අපේක්ෂා කරන බවයි. 
 
ඒ අනුව පෙත්සම ලබන 30  කැදවීමට අභියාචනාධිකරණය නියම කළ අතර පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා දිනට අධිකරණය හමුවේ ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය වගඋත්තරකාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන්ට නියම කළේය.
 
පෙත්සම්කාර සිසුවිය සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර ඇති තමන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට අභියාචනාධිකරණය ඉකුත් 2017 වසරේ ජනවාරි මස 30 වැනි දා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කළ ද එම නියෝගය ප්‍රකාරව තමන්ව ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි. එමගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවද එම සිසුවිය සිය පෙත්සමින් පෙන්වා දේ.



අදහස් (0)

වෛද්‍ය සභාවට එරෙහිව පෙත්සම 30 වැනි දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site