IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වෛද්‍ය සංගම් හතරක් ජනාධිපතිට ලියයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ව්‍යාප්තිය අනුව දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මහා ජාතික ව්‍යසනයක් මතුවනු ඇතැයි වෛද්‍ය සංගම් හතරක් එක්ව ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

මේ වන විටත් ආසාදිතයින්ට රෝහල් ඇඳන් සහ ප්‍රතිකාර ලබාදීමේ සැලකිය යුතු ප්‍රමාදයන් සිදුවන බැවින් ඉදිරි සති තුනේදී සහ ඉන් පසු මරණ සංඛ්‍යාවේ ඉහළයාම් සිදුවිය හැකි බව එම සංගම් සිය ලිපියේ සඳහන් කර ඇත.

රෝගය පැතිරයාම ක්‍ෂණිකව පාලනය නොකළහොත් ඒ සඳහා වියදම් ද ඉදිරියේදී බරපතල ලෙස ඉහළ යනු ඇතැයි වෛද්‍ය සංගම් විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව වෙනුවෙන් මහාචාර්ය තමසි මකුළොලුව යන මහත්ම මහත්මීන්ගේ අත්සනින් එම ලිපිය යොමුකර ඇත.

 



අදහස් (6)

වෛද්‍ය සංගම් හතරක් ජනාධිපතිට ලියයි

සිරිබිරිස් Sunday, 09 May 2021 10:53 AM

ඔය ලිපියේ කියල තියන දේවල් තේරුම් ගනීවිද කියන එකයි අපිට තියන ප්‍රශ්නේ.

:       0       0

තුෂාර Sunday, 09 May 2021 03:24 PM

අපරාදේ ඒ4 කොළ ටික...

:       1       32

jayath Monday, 10 May 2021 02:38 AM

බීරි අලියෙකුට වීනා වාදනය කිරීමෙන් පලක් නැත . එය නිෂ්පල ක්‍රියාවකි යන විදියකට ගියාවේ පරිස්සම් වී ඉදිමු - උපරිමයටම නැතිනම් වෙන්නේ කොහේ හෝ ආදාහනාගාරයක -කාත් කව් රුවත්ම නැතිව - දුම් ටිකක් වෙලා අහසට යන්න . මිනිස්සු දැන්වත් තේරුම් ගන්න ඕන මේ වෙලාවේදී හුගක් රටවල වගේ දේශපාලකයෝ මේකට පිහිටවෙන්න නැහැ කියනඑක ' තමුන්ගේ ආරක්ෂාව තමුන්නහෙම බලා ගන්න ඕන "

:       0       0

එරා Monday, 10 May 2021 04:53 AM

බීරි අලියෙකුට වීනා වැයුමක්

:       0       0

chandana wijayasiri Monday, 10 May 2021 05:45 AM

ඔහොම නෙවෙයි කොහොම කිව්වත් රට වහන්නෙ නැ

:       0       0

fairoos Monday, 10 May 2021 06:53 AM

අපි තමා හොදට කරේ කියන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site