(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතාට මරණීය තර්ජන එල්ල කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පොලිස්පතිවරයාට අද (17) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සමාජ මාධ්‍ය ජාලා හරහා නවීන් සොයිසා මහතාට එම මරණීය තර්ජන එල්ල කරන බවද පැමිණිල්ලේ සඳහන් වේ.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ එම ක්‍රියාකලාප පිළිබඳව විමර්ශනයක් කරන්නැයිද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පොලිසියට කර ඇති එම පැමිණිල්ලේ ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලුතර ප්‍රහාරයේ කට්ටිය අල්ලලා ඉවරද?
දැන් ඇතුළත් කචල් වගේ..නේද?
ඇතුලේ එකිනෙක ඇන කොටගන්නා එක වැඩි ඇතක නොවන බවයි පෙන්නේනේ.
ඔය මාෆියා ජී.එම්.ඕ.ඒ. සංගමය ගැට ගසා තබන්නට බිහිවුණු අනෙත් සංගමයට අපේ උත්තමාචාරය...
ලංකාවේ අති බහුතරයක් වෛද්‍යවරුන් අධි මාන්නයෙන් සහ ආත්මාර්ථකාමීත්මයෙන් පෙලේ. උතුම් මිනිසුන්ද බොහෝය. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් වග මතක ඇත්තේ උතුම් මිනිසුන් ටිකකට පමණි. මේ සියලු ගැටුම් ඔවුන් නිර්මාණයප කරගන්නේ ඒ මාන්නය සහ ආත්මාර්ථකාමීත්වය මත සිටයි. ඉන් ප්‍රයෝජනය ගන්නේ නිවට දේශපාලකයාය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු මනස අවුල්වූ කිහිප දෙනෙක් එකතුව තේරුමක් නැති වැඩ වර්ජන කරමින් රටම කන පුද්ගලයන් ටිකක් එකතුව පිහිටුවා ගත් අටමඟලකි. ඇමති ආපු දවසේ සිට එලවන්න බැලුවා. ඒත් ඇමැතිනම් යහතින් තවම ඉන්නවා. රජයේ වෛද්‍යවරුන් වෙනුවෙන්, සිසුන් සහ රටේ මහජනයා වෙනුවෙන් මෙලෝ වැඩක් නොකර මාධ්‍ය සන්දර්ශන තියමින් විහිලු සැපයීම ඔවුන්ට මහත් සතුටක් ගෙනදෙන බව නම් පේනවා. කෝකටත් මානසික වෛද්‍යවරයෙක් හමුවෙන එක මේ අටමගලේ අයට හොඳයි. බොහෝ වෛද්‍යවරු දැන් මෙය තේරුම් ගනිමින් මෙම කණ්ඩායමෙන් දුරස් වෙමින් සිටියි.
මෙම වෛද්‍ය සංගමය රටට කොඩිවිනයක්...
අමාරුනම් දාලා යායුතුයි. රජයේ දොස්තරකමේ සිටගෙන අමන සංගම් දමාගෙන නාඩගම් කරන්නේ නැතුව...
වෛද්‍යවරු බිහිවන්නේ ගුරුවරු තම රාජකාරිය හොඳින් ඉටුකර මේ දරුවන්ට හොඳින් ඉගැන්වූ නිසයි. නමුත් ගුරුවරයෙකු අසනීප වී රෝහල් ගතවූ විට ලැබෙන අග්‍රාහාර මුදල ලබාගැනීමට එම ෆෝරමය අත්සන් කරගැනීමට බොහෝ වෙලාවට වෛද්‍යවරයෙක් නැහැ. අග්‍රාහාර වලට ගුරුවරුන්ගේ වැටුපෙන් මුදල් අයකලාට...
ගොඩක් සංගම් අටවන් තියෙන්නේ තම තමන්ගේ පෞද්ගලික ලාභ සහ තමාගේ වෘත්තීය පිළිගැනීම සහ වරප්‍රසාද ආරක්ෂා කරගෙනීමට එත් ලෝකයට පෙන්නන් ආකර්ශනීය පොදු අරමුණු කීපයකුත් ඉස්සරහට දානවා මේ වගේ හූනියම් 10ක් 15 රටේ තියෙනවා ඒවා ගෙන ජනතාව අවදානයෙන් සිටිය යුතුයි....