
(සුජිත් හේවාජුලිගේ )
යළි කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර හතරක් පිළිබඳ නිර්දේශ ඇතුළත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා ඇත.
කොවිඩ් පාලනය සඳහා හඳුන්වා දී ඇති නීති හා සීමාකිරීම් ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ දැඩි ලෙස බලකාත්මක කිරීම, ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නතේ තුන්වැනි මාත්‍රාව ලබාදීම,අධි ව්‍යාප්තවීම් තත්වයන් සහ සිදුවීම් සීමා කරමින් කටයුතු කිරීම සහ පර්යේෂණ සිදුකරමින් කොවිඩ් වැළඳී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් පවත්වා ගැනීම වෛද්‍ය සංගමය ඉදිරිපත් කර ඇති එම නිර්දේශ හතර වෙයි.
මේ අතර රටේ සංචරණ සීමා ඉවත්කිරීම සමග තවත් කොරෝනා රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් කර ඇත. තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා සෑම අවස්ථාවකට වඩා මෙම අවස්ථාවේදී නිශ්චිත පියවර ගනු ලැබීම ඉතා වැදගත් බවද එම සංගමය සඳහන් කරයි.
මේ අතර පාසල් ළමුන් එන්නත්කරණ කටයුතු ඉතා සාර්ථකව සිදුකෙරෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කරන්නේ පාසල් දරුවන් තුන් ලක්ෂ හතළිස් දහසකට වැඩි පිරිසක් මේ වනවිට එන්නත්කරණයට භාජන කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය නිර්දේශ පුරෝගාමී කර්තව්‍යයක් වෙනුවට පසුගාමී හා මන්දොත්සාහී පිළිවෙතක සිටින බව අන් රටවල් හා සසදා බැලීමේදී පෙනී යයි.
මේ දොස්තරලාට නම් හොදටම පිස්සු. මෙච්චර කල් වෛද්‍යවරුන්ගේ මතයට කන් දුන්නද? මේ වරත් සිදුවෙන්නේ ඒ ටිකම තමයි. ගඟට මුට්ටි දාන්නයි දුම් හට්ටි අලලන්නයි කිව්වොත් ඒක නම් කරයි.
ඤාණසාර හාමුදුරුවන්ට කියන්න මට ඒවා බලන්න වෙලා නැහැ... මීට නන්දසේන මිස්ට බීන් ...