IMG-LOGO

2025 මාර්තු මස 23 වන ඉරිදා


වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයි

(පුෂ්පකුමාර ජයරත්න)
 
වඳ සැත්කම් කළැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව අද (17) 1,000 ඉක්මවා ගිය බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.
   
ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව අද වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී තිබූ සමස්ථ  පැමිණිලි සංඛ්‍යාව 839 කි. අද දිනයේ පමණක් පැමිණිලි 12 ක් ලැබී තිබුණු බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.
 
අද දිනය වනවිට දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය වෙත  ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 164 ක් විය. මේ අනුව අද දිනය වනවිට වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1003 කි.

බෞද්ධ කාන්තාවන් වඳසැත්කම්වලට ලක් කිරීමේ චෝදනාව අනුව පසුගිය මැයි මස 26 වන දින සිට අද (17) දක්වා අඛණ්ඩව දින 23 ක් එම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම්වලට සහ වෙනත් කාන්තා රෝග සඳහා සැත්කම්වලට ලක්කළ බවට සැකකෙරෙන කාන්තාවෝ මෙසේ තම පැමිණිලි ඉදිරිපත් කළහ.

ඔවුහු කුරුණෑගල ශික්ෂණ රෝහලට, දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය වෙත තම පැමිණිලි ඉදිරිපත් කළහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද, කුරුණෑගල ශික්ෂණ රෝහලේදී වෛද්‍යවරයාට එරෙහිව ලැබෙන පැමිණිලි බාර ගනිමින් සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (23)

වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි දහස ඉක්මවයි

චුටි පුතා Monday, 17 June 2019 11:44 AM

හරි දැන් මේ සිද්දියත් මැච් එකේ ස්කෝර් එක වගේ අප්ඩේට් දිදී ඉන් නැතුව විභාගෙට ගත්තොත් නරකද. නැත්තන් මේකෙන් වෙන්නේ සැකය කියන එක තවත් වැඩි වෙන එක විතරයි. මම හිතනවා දැනටමත් පැමිණිලි කරපුවා වල පරීක්ෂණ ආරම්භ කරලා ඇති කියලා

:       0       336

දර්මසෙන Monday, 17 June 2019 11:55 AM

අර සුක්කානම ධර්ම චක්‍රය වුනා වගේ මේ දොස්තරත් කවදා හරි නිදහස් වුනු දවසක මේ ගැහැණු දහස් දෙනාටම විරුද්දව දොස්තර මහතා වන්දි ඉල්ලා නඩු දමන එක අනිවාර්යයි. එදාට මේ ගැහැණු දහස් දෙනාගේ තත්වය අබ සරණයි

:       1820       1657

BamunuarachchiTuesday, 18 June 2019 12:35 AM

නමින් අපිට තේරෙනවා ඔබ කවූද කියලා.

:       85       197

Amila Monday, 17 June 2019 11:58 AM

මේත් අනාගත්තු තව සිද්ධියක් වෙයි වගේ. අල්ලගත්තේ උපයපු විදිය සැකයි කියලා දැන් හොයන්නේ කරපු සැත්කමක් ගැන. තාම මොහුව උසාවි දාලා නෑ. හරියට සාක්ශි නැතුව දගලනවා වගේ පේන්නේ. හැබයි ඉතින් මේකට සම්බන්ධ වුන අයට සහ පැමිණිලි කරපු අයට සල්ලි ගෝනී ගනන් ලෑස්ති කරගන්න වෙයිද මන්දා මේක ඔප්පු කරගන්න බැරි වුනොත් වන්දි ගෙවන්න කරපු අපහාසයට. ඔහු වරදක් කරලා තියෙනන් එල්ලන්න ඕන නමුත් මේ කරන්නේ බෝම්බ සිද්ධිය යට ගහන්න හදන්න වැඩක් කියලයි අපිට නම් පේන්නේ.

:       599       1102

සමන් ප්‍රියන්තMonday, 17 June 2019 03:31 PM

පැමිණිලි කරලා තියෙන ගැහැණු දහස් දෙනා රුපියල් 5000 සමඟ ගෙදරට අවශ්‍ය බඩු පාර්සලයක් නිසා පැමිණිලි කළා කියලත් කුරුණෑගල පැත්තෙන් ආරංචි වෙනවා. අන්තිමට මේ ගැහැණු දහස් දෙනා දොස්තරට වන්දි ගෙවන්න වුනොත් වෛන් කරපු කට්ටියව හොයා ගන්න බැරි වෙනවා.

:       253       1239

chandima Monday, 17 June 2019 02:01 PM

දැන් ඔය දාහෙන් එක්කෙනෙක්වත් ශ්‍රී ලංකා විද්‍යා සභාවට නැතිනම් පොලිසියට ඔය ගැන පැමිණිලි කරලා නැතිද?

:       1       112

සමන්ත Monday, 17 June 2019 02:18 PM

පැමිණිලි ලක්ෂයක් ලැබුණත්, මුළු ලංකාවේ ඉන්න ඔක්කොම පැමිණිලි කරති, ඒ එක පැමිණිල්ලක්වත් විද්‍යාත්මක සාක්ෂි සහිතව, සැකයකින් තොරව ඔප්පු කරගන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? මොනවද මේ කියන්නේ? ජාතිවාදය අවුස්සනවද? ජනාධිපතිවරණය ඉවර වෙනකම් ඇදගෙන යන එකද?

:       180       1012

roshan Monday, 17 June 2019 03:14 PM

මේක දැන් මහ ලොකු විහිළුවක් වෙලා... මෙයා දවසට කේස් 2ගානේ දවස් 365ක් කළොත්... අවුරුදු 15ක ඉඳන් මේ කරගෙන යන්නේ... අනේ මන්දා කවුද හරි? කව්ද වැරදි කියා... බොරුවට ආයුෂ නෑ කියලා ළඟදීම ඔප්පු වෙයි.

:       64       573

nimal Monday, 17 June 2019 04:46 PM

මේක චෝදනා රැල්ලක් විතරයි වගේ..

:       22       428

sarthTuesday, 18 June 2019 02:47 AM

එහෙම වෙලා තියෙනවා වගේ පෙනෙන්නේ රජයෙන් කිසිම දෙයක් වෙන්නේ නැති නිසා. මේකත් හරියට සහරාන් ලා ගැන තොරතුරු දීලත් අල්ලාගත්තේ නැති එක වගේ, බෝම්බ ගහනවා කියලත් බෝම්බ පිපුරුණු එක වගේ සිද්දියක්. පාලකයෝ නිදි මහජනයා පැමිණිලි දසදහසක් දැම්මත් වැඩක් නැහැ.

:       80       108

Rasika Monday, 17 June 2019 09:11 PM

මේක සාදාරන පරීක්ෂණයක් කරන්න, නිකම් මිනිස්සු මෙහෙම පැමිණිලි කරන්නේ නැහැනේ. මීට කලින් කිසිම දෙමල හෝ මුස්ලිම් වෛද්‍යවරයෙක් මෙච්චර පැමිණිලි කරලා නැහැනේ. මේකේ අත්තක් ඇති.. මේවා එකපාරටම හොයන්න බැහැ, විදිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ.

:       95       239

sisira Monday, 17 June 2019 11:47 PM

මොහුගේ මුනවත් ප්‍රවෘත්ති වලින් පෙන්නන්න එපා. එතරම් අප්‍රසන්නයි.

:       98       162

සේනාරත්න Tuesday, 18 June 2019 12:03 AM

මෙම වෛද්‍ය ⁣වෘත්තිකයාට ඇති බරපතල චෝදනාව ඇත්ත,නැත්ත කුමක් උනත් මාධ්‍යයේ ලබාදුන් ප්‍රචාරය හේතුවෙන් විචාරයෙන්තොර සමාජය හමුවේ ඔහු වරදකරුවී අවසන් . විධිමත් ව්ද්‍යාත්මක පර්යේෂණ අවසානයේදී යමි හෙයකින් මෙහි බොහෝ පැමිණිලි ඔප්පුවුව හෝ නොවුව ඔහුගේ වෘත්තිය ගරුත්වය විනාශ ව අවසන් වහාම සත්‍ය ස්වාධීන පර්යේෂණයකින් රටට ඉදිරිපත් කිරීම අවශ්‍ය යි..මෙය ජනාධිපති වරණයේ පූර්ව ප්‍රචාරණයක් ⁣පමණක් නොවන්නට.

:       13       55

ශ්‍රී Lankan Tuesday, 18 June 2019 01:18 AM

විහිළු කතා

:       8       16

Sena Tuesday, 18 June 2019 02:21 AM

දැන් මේ කාන්තාවෝ වඳ නෑ කියලා ඔප්පු උනොත්.?

:       35       17

jayath Tuesday, 18 June 2019 02:48 AM

දැනට තියෙන වෛද්‍ය විද්‍යාත්මක මතය ( සිංහල ජාතිවාදී මතය නොවේ ) නම් සැත්කම් 4000 ක් ශල්‍ය ගාරයේ ඉන්න අනිත් ඔක්කොමගේ ඇස් වහලා කරන්න බැහැ කියලයි. මේක සාමාන්‍ය ශල්‍යාගාර හෙදියක්, කම්කරුවෙක් උනත් දන්නා දෙයක් . නමුත් මෙතන ප්‍රශ්නය ඔයවගේ චෝදනාවක් ආපු එකයි . ඒක කොහෙන් ආවත් කාගෙන් ආවත් සාධාරනය නම් අපක්ෂපාත , විද්‍යාත්මක , පරීක්ෂණයක් තියලා සත්‍යය එළිදරව් කරගන්න එකයි. මෙතන පෙන විදියට මේකත් තියාන ඉන්නවා දේශපාලන වාසි ගන්න

:       102       37

Asanka Tuesday, 18 June 2019 04:55 AM

ඔබලාට පේනවද බහුතරයක් කොමෙන්ට් කරන්නේ එකම කට්ටියක් කියලා දොස්තරට පක්ෂව.

:       5       447

Marikkar Tuesday, 18 June 2019 06:14 AM

මේ සම්බන්ද, ශාෆිට සහය දුන්නු හෙදියන් පිරිසකුත් බුද්ධි අංශයට ප්‍රකාශ ලබා දීලා තියනවා.

:       5       2

sumudu Tuesday, 18 June 2019 06:49 AM

තම පමණිලි කරනවද ? ඒ උනාට ය මෙයා වැරදි කරු කරලා ඉවරයි නේද ?

:       15       0

Deepal Nirosh Tuesday, 18 June 2019 08:44 AM

පැමිණිලි ගණන = 1000, විභාග වන ගණන = 0, ප්‍රතිඵල නිකුත් කළ ගණන=0, ඉතින් 1000 * 0 * 0 = 0. ඉතින් අනාගත උත්තරයත 0 ම බව දැන දැන මොකට මෙච්චර බව වෙනව ද ?

:       0       0

සමාධි Tuesday, 18 June 2019 10:15 AM

අද පැමිණිලි 1000 යි.හෙට 2000 යි. අනිද්දා වෙනකොට 3000 යි කිය කියා ඉන්නවා මිසක් වෙන නම් සිද්ද වෙන දෙයක් නෑ. ඕක ලක්ෂය කෝටිය දක්වාම ඔහොම කිය කිය ඉඳියි. දැන් දැන් මිනිස්සුන්ටත් ඒක එපා වෙලා තියෙන්නේ.

:       0       0

Rasika Tuesday, 18 June 2019 10:06 PM

මේ මුස්ලිම් අන්තවාදය නැතිකළ යුතුමයි.. මුස්ලිම් බහුතරක් ඉන්න ඕනෙම තැනක මේ දේ වෙලා තියෙනවා. බංගලාදේශය මුස්ලිම් බහුතරය වෙන්න කලින් ඔවුන් ක්‍රියාකළ ආකාරය හොයල බලන්න. දැන් ඔවුන්ගේ ක්‍රියාවන් හොයල බලන්න. ආණ්ඩුව ඉන්නේ මේක ජනතාවට කිකක් අමතක වෙනකම් ඊටපස්සේ හිමින් සැරේ මෙයාව නිදහස් කරන්න. මේ පාරනම් ඒවා හරියන්නේ නැහැ.

:       0       1

de silva Friday, 21 June 2019 09:06 AM

කියව කියවා ඉන්නේ නැතුව සාක්ෂි තිබෙනවා නම් නඩු පවරන්න. එතකොට තීන්දුවක් ලැබේවිනේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

දේශබන්දු පිටින් කෑම ඉල්ලයි
2025 මාර්තු මස 22 2826 7

පිටතින් ආහාර ගෙන ඒමට අවසර දෙන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.


මඟ නතර වූ ජල යෝජනා ක්‍රම යළි අරඹයි
2025 මාර්තු මස 22 597 1

සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.


මෙරටට අවශ්‍ය ඖෂධ මෙරටදීම හදනවා
2025 මාර්තු මස 22 749 3

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණ


ජපුර සරසවියේ අන්තර් සරසවි වර්ණ ප්‍රධාන උත්සවය
2025 මාර්තු මස 22 466 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාලීය 48 වැනි වර්ණ ප්‍රධාන උත්සවය (21) පසරුවේ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්ස මහාචාර්ය යා පත්මලාල්


කුවේට් හිදී ආබාධිත වූ කාන්තිලතාට අලුත් ගෙදරක්
2025 මාර්තු මස 22 1256 2

කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වී ආබාධිත වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන්


අයවැයට ඡන්දය දුන් හේතුව කාදර් කියයි
2025 මාර්තු මස 22 1735 3

ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ගත් තීරණයට ගරු කරමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 107 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 513 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1114 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site