(පුෂ්පකුමාර ජයරත්න)
වඳ සැත්කම් කළැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව අද (17) 1,000 ඉක්මවා ගිය බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.
ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව අද වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී තිබූ සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 839 කි. අද දිනයේ පමණක් පැමිණිලි 12 ක් ලැබී තිබුණු බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.
අද දිනය වනවිට දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය වෙත ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 164 ක් විය. මේ අනුව අද දිනය වනවිට වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1003 කි.
බෞද්ධ කාන්තාවන් වඳසැත්කම්වලට ලක් කිරීමේ චෝදනාව අනුව පසුගිය මැයි මස 26 වන දින සිට අද (17) දක්වා අඛණ්ඩව දින 23 ක් එම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම්වලට සහ වෙනත් කාන්තා රෝග සඳහා සැත්කම්වලට ලක්කළ බවට සැකකෙරෙන කාන්තාවෝ මෙසේ තම පැමිණිලි ඉදිරිපත් කළහ.
ඔවුහු කුරුණෑගල ශික්ෂණ රෝහලට, දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය වෙත තම පැමිණිලි ඉදිරිපත් කළහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද, කුරුණෑගල ශික්ෂණ රෝහලේදී වෛද්‍යවරයාට එරෙහිව ලැබෙන පැමිණිලි බාර ගනිමින් සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
හරි දැන් මේ සිද්දියත් මැච් එකේ ස්කෝර් එක වගේ අප්ඩේට් දිදී ඉන් නැතුව විභාගෙට ගත්තොත් නරකද. නැත්තන් මේකෙන් වෙන්නේ සැකය කියන එක තවත් වැඩි වෙන එක විතරයි. මම හිතනවා දැනටමත් පැමිණිලි කරපුවා වල පරීක්ෂණ ආරම්භ කරලා ඇති කියලා
අර සුක්කානම ධර්ම චක්‍රය වුනා වගේ මේ දොස්තරත් කවදා හරි නිදහස් වුනු දවසක මේ ගැහැණු දහස් දෙනාටම විරුද්දව දොස්තර මහතා වන්දි ඉල්ලා නඩු දමන එක අනිවාර්යයි. එදාට මේ ගැහැණු දහස් දෙනාගේ තත්වය අබ සරණයි
මේත් අනාගත්තු තව සිද්ධියක් වෙයි වගේ. අල්ලගත්තේ උපයපු විදිය සැකයි කියලා දැන් හොයන්නේ කරපු සැත්කමක් ගැන. තාම මොහුව උසාවි දාලා නෑ. හරියට සාක්ශි නැතුව දගලනවා වගේ පේන්නේ. හැබයි ඉතින් මේකට සම්බන්ධ වුන අයට සහ පැමිණිලි කරපු අයට සල්ලි ගෝනී ගනන් ලෑස්ති කරගන්න වෙයිද මන්දා මේක ඔප්පු කරගන්න බැරි වුනොත් වන්දි ගෙවන්න කරපු අපහාසයට. ඔහු වරදක් කරලා තියෙනන් එල්ලන්න ඕන නමුත් මේ කරන්නේ බෝම්බ සිද්ධිය යට ගහන්න හදන්න වැඩක් කියලයි අපිට නම් පේන්නේ.
දැන් ඔය දාහෙන් එක්කෙනෙක්වත් ශ්‍රී ලංකා විද්‍යා සභාවට නැතිනම් පොලිසියට ඔය ගැන පැමිණිලි කරලා නැතිද?
පැමිණිලි ලක්ෂයක් ලැබුණත්, මුළු ලංකාවේ ඉන්න ඔක්කොම පැමිණිලි කරති, ඒ එක පැමිණිල්ලක්වත් විද්‍යාත්මක සාක්ෂි සහිතව, සැකයකින් තොරව ඔප්පු කරගන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? මොනවද මේ කියන්නේ? ජාතිවාදය අවුස්සනවද? ජනාධිපතිවරණය ඉවර වෙනකම් ඇදගෙන යන එකද?
මේක දැන් මහ ලොකු විහිළුවක් වෙලා... මෙයා දවසට කේස් 2ගානේ දවස් 365ක් කළොත්... අවුරුදු 15ක ඉඳන් මේ කරගෙන යන්නේ... අනේ මන්දා කවුද හරි? කව්ද වැරදි කියා... බොරුවට ආයුෂ නෑ කියලා ළඟදීම ඔප්පු වෙයි.
මේක චෝදනා රැල්ලක් විතරයි වගේ..
මේක සාදාරන පරීක්ෂණයක් කරන්න, නිකම් මිනිස්සු මෙහෙම පැමිණිලි කරන්නේ නැහැනේ. මීට කලින් කිසිම දෙමල හෝ මුස්ලිම් වෛද්‍යවරයෙක් මෙච්චර පැමිණිලි කරලා නැහැනේ. මේකේ අත්තක් ඇති.. මේවා එකපාරටම හොයන්න බැහැ, විදිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ.
මොහුගේ මුනවත් ප්‍රවෘත්ති වලින් පෙන්නන්න එපා. එතරම් අප්‍රසන්නයි.
මෙම වෛද්‍ය වෘත්තිකයාට ඇති බරපතල චෝදනාව ඇත්ත,නැත්ත කුමක් උනත් මාධ්‍යයේ ලබාදුන් ප්‍රචාරය හේතුවෙන් විචාරයෙන්තොර සමාජය හමුවේ ඔහු වරදකරුවී අවසන් . විධිමත් ව්ද්‍යාත්මක පර්යේෂණ අවසානයේදී යමි හෙයකින් මෙහි බොහෝ පැමිණිලි ඔප්පුවුව හෝ නොවුව ඔහුගේ වෘත්තිය ගරුත්වය විනාශ ව අවසන් වහාම සත්‍ය ස්වාධීන පර්යේෂණයකින් රටට ඉදිරිපත් කිරීම අවශ්‍ය යි..මෙය ජනාධිපති වරණයේ පූර්ව ප්‍රචාරණයක් පමණක් නොවන්නට.
විහිළු කතා
දැන් මේ කාන්තාවෝ වඳ නෑ කියලා ඔප්පු උනොත්.?
දැනට තියෙන වෛද්‍ය විද්‍යාත්මක මතය ( සිංහල ජාතිවාදී මතය නොවේ ) නම් සැත්කම් 4000 ක් ශල්‍ය ගාරයේ ඉන්න අනිත් ඔක්කොමගේ ඇස් වහලා කරන්න බැහැ කියලයි. මේක සාමාන්‍ය ශල්‍යාගාර හෙදියක්, කම්කරුවෙක් උනත් දන්නා දෙයක් . නමුත් මෙතන ප්‍රශ්නය ඔයවගේ චෝදනාවක් ආපු එකයි . ඒක කොහෙන් ආවත් කාගෙන් ආවත් සාධාරනය නම් අපක්ෂපාත , විද්‍යාත්මක , පරීක්ෂණයක් තියලා සත්‍යය එළිදරව් කරගන්න එකයි. මෙතන පෙන විදියට මේකත් තියාන ඉන්නවා දේශපාලන වාසි ගන්න
ඔබලාට පේනවද බහුතරයක් කොමෙන්ට් කරන්නේ එකම කට්ටියක් කියලා දොස්තරට පක්ෂව.
මේ සම්බන්ද, ශාෆිට සහය දුන්නු හෙදියන් පිරිසකුත් බුද්ධි අංශයට ප්‍රකාශ ලබා දීලා තියනවා.
තම පමණිලි කරනවද ? ඒ උනාට ය මෙයා වැරදි කරු කරලා ඉවරයි නේද ?
පැමිණිලි ගණන = 1000, විභාග වන ගණන = 0, ප්‍රතිඵල නිකුත් කළ ගණන=0, ඉතින් 1000 * 0 * 0 = 0. ඉතින් අනාගත උත්තරයත 0 ම බව දැන දැන මොකට මෙච්චර බව වෙනව ද ?
අද පැමිණිලි 1000 යි.හෙට 2000 යි. අනිද්දා වෙනකොට 3000 යි කිය කියා ඉන්නවා මිසක් වෙන නම් සිද්ද වෙන දෙයක් නෑ. ඕක ලක්ෂය කෝටිය දක්වාම ඔහොම කිය කිය ඉඳියි. දැන් දැන් මිනිස්සුන්ටත් ඒක එපා වෙලා තියෙන්නේ.
මේ මුස්ලිම් අන්තවාදය නැතිකළ යුතුමයි.. මුස්ලිම් බහුතරක් ඉන්න ඕනෙම තැනක මේ දේ වෙලා තියෙනවා. බංගලාදේශය මුස්ලිම් බහුතරය වෙන්න කලින් ඔවුන් ක්‍රියාකළ ආකාරය හොයල බලන්න. දැන් ඔවුන්ගේ ක්‍රියාවන් හොයල බලන්න. ආණ්ඩුව ඉන්නේ මේක ජනතාවට කිකක් අමතක වෙනකම් ඊටපස්සේ හිමින් සැරේ මෙයාව නිදහස් කරන්න. මේ පාරනම් ඒවා හරියන්නේ නැහැ.
කියව කියවා ඉන්නේ නැතුව සාක්ෂි තිබෙනවා නම් නඩු පවරන්න. එතකොට තීන්දුවක් ලැබේවිනේ...?