(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීමකට සහභාගී වී සිටි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මැතිවරණ කොමිසම සෞඛ්‍ය ලේකම්වරියට දැනුම් දී තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මැතිවරණ කොමිසමට වාර්තා කරන ලෙසද එම කොමිසම සෞඛ්‍ය ලේකම්වරියට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසම පරීක්ෂණ ඉල්ලාවී දොස්තර මාෆියාව කෝප වෙලා වර්ජනයක් කලොත්, මැරෙන්නේ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්න අසරණ ලෙඩ්ඩු, ඔය එක වර්ජනයකින් දවසකට අඩුම තරමේ 50-60 මැරෙනවා, තව 40-50 නිසි ලෙස ප්‍රතිකාර නොකිරීම නිසා සදාකාලික අබ්බගාතයෝ වෙනවා, මේවා සංඛ්‍යා ලේඛන වල සදහන් වෙන්නේ නැහැ ඒකට හේතුව සංඛ්‍යා ලේඛන හදන්නෙත් දොස්තරලම නිසා, ඔය දොස්තර මාෆියාවට රටේ පවතින මැතිවරණ නීති රීති, සාධාරණ අසාධාරනකම් වලින් වැඩක් නැහැ ,
දොස්තර කෙනෙක්ගේ ගෞරවය තියාගන්න දන්නේ නැතිකම
බණ ඇසූ අයට මෙවැනි දේ සිදුවිය හැකියි.
මොකක්ද මෙතන වෙලා තියෙන මහා ලොකු වැරැද්ද? මෙතන කවුරුවත් පාදෙනිය මහත්තයාගේ පැත්තෙන් හිතන්නේ නැහැ. රාජපක්ෂ කෙනෙක් බලයට ගේන්න පාදෙනිය මහත්තයා කොච්චර දර දිය ඇද්දාද? කොච්චරනම් පව් පුරවා ගත්තාද? ඉතින් මේ අන්තිම මොහොතේ වේදිකාවේ විනාඩි පහක් පෙනී හිටියාම මොකද? එතුමා කරපු කැපවීම් වලට එතුමා යමක් ලබා ගැනීමට උත්සාහ කිරීම වැරැද්දක්ද?
මේ අහිංසක අසරණ ලෙඩ්ඩු බිල්ලට තියලා දේශපාලනය කරනවා. මේ අයව මෙහෙයවන්නේ කවුද කියලා දැන් හොඳටම පැහැදිලියි. රටට ආදරෙයි, මිනිසුන්ට ආදරෙයි කියකිය මැරෙන්න හදන අයගේ වැඩ තමයි මේ... මේ අයට ඡන්දෙ දෙන අය ආයෙත් පොඩ්ඩක් හිතලා බලන්න.
මේ යන විදිහට "වැඩි මහජන කැමැත්තක් ඇති නායකයාට සහයෝගයට පැමිණීම නීති විරෝධී නොවන බැවින්, කොමිසම ගෙදර යා යුතුයි" යයි තීන්දු නොකළොත් තමයි... පුදුමේ...
එදා ඔලුවට වෙඩි තියපු මැතිවරණ කොමසාරිස්.. අද ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති විදියට අහකට වෙඩි තියනවා.. කණගාටුයි සභාපතිතුමනි...!!!