IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වෛද්‍ය නිර්දේශ මත හිටපු පොලිස්පතිට මාංචු නොදමයි

(ජයන්ත සමරකෝන්)

රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රතිකර ලබන නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇඳ මාංචු සහ අත් මාංචු කූට්ටම් යවා ඇතත් වෛද්‍ය නිර්දේශ මත ඒවා නොදැමූ බව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙක් පැවැසීය.

බන්ධනාගාර නියෝග වලට අනුව සැකකරුවෙකු හෝ සිරකරුවෙකු රෝහල්ගතවූ විගසම ඇඳ මාංචු දැමීම සිදුවන බවත් සැකකරු පලායාම වැළැක්වීම සඳහා මෙම පියවර ගැනීම සාමාන්‍ය සිද්ධියක් බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ ජාතික රෝහලේ රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ වනවිට එහි හෘද රෝග ඒකකයේ පසුවෙයි.

වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙක් යටතේ නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂාවට ඒ මහතාට ලබාදී ඇතැයිද වාර්තා වේ.



අදහස් (21)

වෛද්‍ය නිර්දේශ මත හිටපු පොලිස්පතිට මාංචු නොදමයි

Jaya Thursday, 04 July 2019 01:54 PM

මෙහෙමත් විහිළුකාර රටක්.! මේක රටක්ද? කෝලන් මඩුවක්ද ?

:       0       160

Raveendra Thursday, 04 July 2019 01:58 PM

කුඩාකල දෙමාපියන් දුන් ඔවදන් මතක් උනේ..// කිසිදින පුතේ බොරු නොකරන් කිසිවිටක..// එක් බොරුවක් වැසීමට බොරු දාහක්වත් ඕනෑලු..// ඔවදන එය වුණත් මෙය එයටම ගැලපෙන්නේ..//

:       50       45

Raveendra Thursday, 04 July 2019 02:05 PM

පැදුරේ සිටින අවංකයා නැත බිම වැටෙන්නේ..// ඇඳ උඩ ඉන්න වංකයා වැටෙනා බව නොදන්නේ..// ඒබව මෙමගින් හොඳටම පැහැදිලි නොවන්නේ..// අවංකයා දුටුතැන දෙවියොත් හිස නමන්නේ..//

:       50       31

මුණසිංහ Thursday, 04 July 2019 02:38 PM

රටේ ඉහළම ආරක්ෂක පුටුවල හිටපු අය මේ තරම් බරපතල ලෙඩ්ඩුද? අනිවාර්ය නිවාඩු නෙමෙයි පැන්ෂන් දීලා ගෙදරම යවන්න ඕන දෙන්නෙක්නේ...

:       0       84

rasika Thursday, 04 July 2019 03:32 PM

මොවුන්ගේ මේ හැසිරීමෙන්ම පේනවා මොවුන් වැරදි බව. නිවැරදි නම් නීතිය ඉදිරියට ගිහින් එය බය නැතුව ඔප්පු කරන්න ඕනේ. තමන්ම ඒ නීතිය කලකට පෙර නියෝජනය කළා, ඒ නීතිය භාවිතයෙන් හමුදා නිලධාරින් කීයක් හිරේ දැම්මද? ඔවුන්ට මාංචු දැම්ම නමුත් ඔවුන් කිසිවෙක් ලෙඩ වුනේ නැහැ. නිර්භීතව එයට මුහුණ දුන්නා. මොවුන් දෙන්නත් දේශපාලකයන් අතරත් වෙනසක් නැහැ වගේ..

:       292       419

chinthaka Thursday, 04 July 2019 03:38 PM

අන්තිමට වුනේ ගෙදර තිබුණු "මුව හමයි, අං තට්ටුවයි" වැරදිකාරයො වෙලා, අර රට කරවන, මේ "සංහිඳියාව" මුමුණ මුමුණ බුද්ධි අංශය හිරේ දැම්ම ලොක්කා කොමිටියට පින් සිද්ධ වෙන්න නිදොස් කොට නිර්දෝෂී උනා නෙවැ...

:       8       84

Chanak los angeles Thursday, 04 July 2019 03:59 PM

මෙන්න නීතිය කොරවෙන හැටි..

:       0       53

RaveendraFriday, 05 July 2019 02:33 AM

නැත ඔබට වැරදි ඇත. මාංචු කුට්ටම හොදටම මලකඩ බැදී ඇති බැවින් මේ අහිංසකයාට පිටගැස්ම වැළදීමේ අවදානමක් සිදුඋනොත් මේ අහින්සකයාගේ ජිවිතයට අනතුරක් විය හැකි බැවිනි.

:       0       15

Mahesh jayawickrama Thursday, 04 July 2019 05:37 PM

ඇත්තටම කණගාටු වෙනවා ඔබතුමාට අත්වුණ ඉරණම ගැන.

:       35       61

විකුම් රංගන Thursday, 04 July 2019 08:38 PM

දැන් ඔය බන්ධනාගාරේට යන දේශපාලකයින් හා රටේ ලොකු තනතුරු දරපු නිලධාරීන් ඇත්තටම ලෙඩ්ඩුද? එහෙම නැතිනම් ඔතන ඉන්න දොස්තරලා වෙද තියරිය අනුව රෝගී තත්වය නිර්දේශ කිරීමක්ද?

:       0       0

RaveendraSaturday, 06 July 2019 01:51 AM

ඔබ සඳහන් කළ කරුණු දෙකම...

:       0       0

saliya Friday, 05 July 2019 05:31 AM

බලය ගිලිහීමත් සමග සිදු වන දේ බලන්න. බලය තාවකාලිකයි.

:       0       0

DILUM Friday, 05 July 2019 05:32 AM

රජයේ සේවයේ ස්ථීර කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් කරනවා නේද? ඇයි මේ ලෙඩ්ඩු මෙඩිකල් ෆෛල් කරලා රස්සාවෙන් එලවන්නේ නැත්තේ?

:       0       0

පෙරුමාල් Friday, 05 July 2019 06:44 AM

බැරිද නීතිය චුට්ටක් විතර නමන්න..?

:       0       0

thilakasiri Friday, 05 July 2019 08:01 AM

හදිසි නීතිය පනවා ඇති අවස්ථාවකදී පොලිසියට තීන්දු තීරණ ගැනීමට ක්‍රමවේදයක් තිබෙනවා සේම හදිසි නීතිය නැතිවිටද පොලීසිය තීන්දු තීරණ ගන්නා ක්‍රමවේදයක් ඇත. හදිසි නීතිය නැතිවිට රටේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය නායකයාගේ උපදෙස් මත පොලිසිය ක්‍රියාත්මක වීම සාමාන්‍ය ක්‍රමවේදය නොවේද? පාස්කු ඉරිදා ව්‍යවසනය හදිසි නීතිය නැති අවස්ථාවක සිදුවූවක් නොවේද..?

:       0       0

tharindu Friday, 05 July 2019 10:06 AM

පොලිස්පති නිවාඩු බලෙන් යවා මාංචුදාන්නත් යන්නේ මේ ජනපතිට මොකක්ද දෙයියනේ හැදුනු අසනීපේ...? අපිට මතකයි අපි මැරිලා ඉපදිලා නෑ ශිරන්ති රාජපක්ෂ මැතිණිය කතානායක නිලනිවසට කැන්දන් ගොස් සී.අයි.ඩී. නිලධාරින් එතැනට ගෙන්වාගෙන කටඋත්තර ගත් යහපාලන ආණ්ඩුවේ වැඩ අැයි මේ රටේ පුරවැසියන්ට නීති දෙකක්...?

:       0       0

jagath Friday, 05 July 2019 10:08 AM

ළඟ එන සියලු මැතිවරණ වලින් ජනාධිපති ඇතුළු සියලු පිරිසට ජනතාව කතිරයෙන් තීන්දුවක් දේවි... එතෙක් ඉවසමු...

:       0       0

kamal Friday, 05 July 2019 10:24 AM

පොලිස්පති තුමාව නීතිවිරෝධී 19 වන ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් නිවාඩු බලෙන් යවා නීතිපති ලවා මාන්චුදාන්නත් යන්නේ මේ ජනපතිට මොකක්ද දෙයියනේ හැදුනු අසනීපෙ .... අපිට මතකයි අපි මැරිලා ඉපදිලා නෑ ශිරන්ති රාජපක්ෂ මැතිනිය කතානායක නිල නිවසට කැන්දන්ගොස් සි .අයි .ඩී. නිලධාරින් එතනට ගෙන්වාගෙන කටවුත්තර ගත් යහපාලන ආණ්ඩුවේ වැඩ අයි මේ රටේ පුරවැසියන් ට නීති දෙකක් . ?

:       0       0

isuru Friday, 05 July 2019 10:26 AM

33 කෝටියක් දෙවිවරු සිටිති එයාලා මේවාට නිසි දඩුවම් දෙවි අපි බලන් ඉමු .

:       0       0

kamani Friday, 05 July 2019 07:03 PM

මේ සියල්ල පසුපස සිරිසේන සහ මහින්ද යන දෙන්නාම තදින්ම ඉන්න බවයි මහජන මතය....

:       0       0

isuru Friday, 05 July 2019 07:05 PM

තෙරුවන් සරණයි... ජේසු පිහිටයි... පොලිස්පතිතුමාට ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site