
(ජේ.කේ.එල්. චාමින්ද සහ ඩී.ජී සුගතපාල)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය කොවිඩි ආසාදිත වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝධායන නීතිරිතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දී අද (02) පස්වරුවේ දී සිදුකෙරිණි.
කොවිඩ් ආසාදනය විමෙන් මියගොස් ඇත්තේ රාගම රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන නැමති (32) හැවිරිදි වියේ පසුවු වෛද්‍යවරයෙකි.
මියගිය වෛද්‍යවරයා වෙනුවෙන් මහා සංඝරත්නය වඩම්මවා ආගමික වතාවත් කොට පිංපැමිණිවිම කරාපිටිය රෝහලේ දි සිදුකෙරුණි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් විසින් එය සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට වෛද්‍ය වරයාගේ බිරිද, පවුලේ ඥාතින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පසුව වෛද්‍යවරයාගේ දේහය නිරෝධායන නිතිරිතිවලට අනුකුලව දඩැල්ල ආදාහනාගාරය වෙත රැගෙන ගොස් ආදාහනය කිරිමට කටයුතු කරණු ලැබිය. රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




(ඡායාරූප - ජේ.කේ.එල්. චාමින්ද)



(ඡායාරූප - ඩී.ජී සුගතපාල)
COMMENTS
ඔබට අමා මහ නිවන් සුව ලැබේවා...!
නිවන් සැප ලැබේවා..!!!
ඔබට නිවන් සුව පතමි...!!!
දොස්තර නාරායන පරම නිබ්බාන සුවයට පත්වේවා...!!!
ඔබට නිවන් සුව අත්වේවා...!!!
නිවන් සුව අත්වේවා...!
බංකොළොත් වුණු රටක වෛද්‍ය සේවයේ අයවත් බේරගන්න පහසුකම් නැතිකොට සෙසු ජනතාවට මොන සහනයක්ද? වටිනා ජීවිතයක් රටට නැතිවුණා.
අනේ දෙවියනේ..!!! මොනතරම් සංවේදී අවස්ථාවක්ද? ලෙඩුන් සුවපත් කිරීමට ඉපදුණු මෙවන් මිහිබට දෙවියන් වන් මිනිසෙකු හට කෝවිඩ් මාරයා කළ විපතක තරම... වෛද්‍යතුමනි, ඔබට නිවන් සුව...!!!
අවුරුදු 32 ක් වයස දොස්තර මහත්මයෙක්... තවත් බොහෝ කලක්, දුකටපත් ජිවිත ලක්ෂ ගණනක් සුවපත් කරන්නට ආයුෂ ඉතිරිව තිබියදීත් ... දෛවයේ සරදමකටදෝ කොරෝනා මාරයා ඔබව බිලිගත්තා. සසර වසන තුරු ඉපදෙන කිසිම භවයකදී මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා.. ඔබට උතුම්වූ නිවන් සැප අත්වේවා...!!!
ඉන්න ඕනෑ අය යනවා. යන්න ඕනෑ අය එල්ලිලා ඉඳගෙන අනික් මිනිස්සුන්ව නොමරා මරනවා.
225ක් ඉතුරුවෙලා ඉද්දී මේ වගේ රටට වැදගත් සේවයක් කරන මිනිසුන් අහිමිවීම ඛේදවාචකයකි...
ඔබට නිවන් සුව ලැබේවා..
ඔබට නිවන් සුවය ලැබේවා..!!!