(ප්‍රසංග පෙරේරා සහ රුක්මන් පින්තු)
සිය නේවාසිකාගාරය තුළ ඇදුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ ජායාරූප ගත් බව කියන වෛදවරයකු අත් අඩගුවට ගත් බව රාගම පොලීසිය පවසයි.
රාගම රෝහලේ සේවය කරන එම වෛද්‍යවරිය සේවය නිමා කර රාත්‍රී 8.45 ට පමණ සිය නේවාසිකාගාරයේ ඇදුම් මාරු කරමින් සිටියදී වෛද්‍යවරයකු එම වෛද්‍යවරියගේ ජායාරූප ගත් බවට කියන වෛදවරයකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අදාල වෛද්‍යවරයා අත් අඩගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් වෛද්‍ය වරයා කොළඹ ජාතික රෝහලේ සේවය කරන්නකු බවත් පොලිසිය පවසයි.
අත් අඩගුවට ගත් වෛද්‍යවරයා 11 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය පරීක්ෂණයකට වෙන්නැති..
දොස්තරලට මොකද්ද මේ වෙලා තියෙන්නේ
මොන මානසික ලෙඩෙක්ද
අද බොහොමබෝ වෛද්‍ය වෘතිකයිනට සදචොරයක් නැත.මේවට පසුබිමවන්නේ ඔවුන් හැදුණ පරිසරය අනුවය. හැටේ හැත්තෑවේ දශකයේ මේවා අහන්නට තිබුණේ නැත.ඒ කාලයේ වෛද්‍යපාට වලට ආවේ මනා පසුබිමක් ඇති දුවා දරැවන්ය. ඒ කාලයේ වෛද්‍යවරු දෙවියන් මෙන් පිඳුම් ලදහ.අද එය හාත්පසින්ම වෙනසිය. තවද වෛද්‍ය වෘතී සමිති මෙයට බොහෝදුරට වගකිව යුතුය.
දොස්තර මානසික ලෙඩෙක් වෙන්න ඇති... දොස්තරලගේ සංගමයේ ලොක්කා දන්නේ නැද්ද මන්දා?
දුවෙක්ව, බිරිඳව, අම්මාව ලෙඩකට බෙහෙතක් ගන්න යවන්නේ කොහොමද? මේවා ඇහෙද්දී, පෙනෙද්දී අසහන වෛද්‍යවරු වැඩියි දැන් සමාජයේ...
තව පොඩ්ඩක් පඩි වැඩිකරලා දෙන්නකෝ...!!!