(යොහාන් භාසුර)

‘කොවිඩ්’ රෝග ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට ලබාදුන් විශේෂ අතිකාල දීමනාව තව දුරටත් ලබාදීමට කටයුතු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා පවසන්නේ ‘කොවිඩ්’ රෝග මර්දන සේවයේ නියුතු වෛද්‍යවරුන්ට ලබාදුන් විශේෂ අතිකාල දීමනාවන්ට අදාල චක්‍රලේඛණයේ වලංගු කාලය අගෝස්තු මස අවසන් වුවද කොවිඩි වසංගතයට දැඩි ලෙස මුහුණදී සිටින රටක් ලෙස වෛද්‍යවරුන් සියලු අවදානම් මධ්‍යයේ කොවිඩ් රෝගී සත්කාරය තව දුරටත් ඉටුකරමින් සිටින බවත් වර්තමාන තත්වය සළකා අදාල විශේෂ චක්‍රලේඛණය දීර්ඝ කළයුතු බවත්ය.