(බිඟුන් මේනක ගමගේ)
මැතිවරණ සඳහා විද්‍යුත් ඡන්ද ක්‍රමය හඳුන්වාදීම අපහසු වී තිබෙන්නේ මැතිවරණ ක්‍රමයේ සංකීර්ණභාවය නිසා යැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා ලංකාදීපයට පැවැසීය.
විද්‍යුත් ඡන්ද ක්‍රමය හඳුන්වා දී ඇති ඉන්දියාව, භූතානය වැනි රටවල ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය සංකීර්ණ නැතැයි ද මහාචාර්ය සමරජීව මහතා කීය.
කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵල සකස් කිරීම ඩිජිටල්කරණයෙන් වඩා වේගවත් පහසු ක්‍රියාවලියක් බවට පත්ව ඇතැයි කී හෙතෙම මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵල කඩිනමින් ලබාදීමට හැකිවීමට එය බලපෑවේ යැයි අවධාරණය කළේය.
මැතිවරණ කොමිසමට විද්‍යුත් ඡන්ද ක්‍රමය පිළිබඳ යෝජනාවක් ලැබී ඇතැයි ද ඒ පිළිබඳ දේශපාලන පක්ෂ නායකයින් දැනුවත් කර ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර ජනමාධ්‍යට ප්‍රකාශ කර තිබිණ.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
381
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විද්‍යුත් ඡන්දයට මැතිවරණ ක්‍රමයෙන් සහායක් නෑ