(රෝහණ සමරවීර)
‘2015 මැතිවරණයෙන් පස්සේ ඉතාමත් වැදගත් දේශපාලන පෙරලියක් හෙට අනිද්දා ඇති වෙනවා. එය පළාත් සභා මැතිවරණය හරහා හෝ ජනාධිපති වරණය නිසා වෙන්න පු`එවනි. නමුත් මේ මාසයේ 30 වැනිදායින් පස්සේ කාලය බැලුවාම ඒ කාලය තුළ පළාත් සභා මැතිවරණයක් තියන්න බැහැ..“ යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස.) ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අද (27) පස්වරුවේ නිවිතිගලදී පැවැසීය.
ඒ මහතා එසේ පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිවිතිගල ආසන සම්මේලනය අමතමිණි. එහිදී මන්ත්‍රි වරයා මෙසේද පැවැසීය.
“ජනාධිපති වරණය හා පළාත් සභා මැතිවරණය සමාන්තරව තියන්න ඕනෑ එහෙම තියන්නත් බැහැ. එම නිසා නොවැම්බර්වලින් පෙර ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ. නමුත් ඒ මැතිවරණය පරාදවෙන්න බැහැ. 2015 මහින්ද මහත්තයා දිනුම් කියලා අපේ අය හීන බල බලා හිටියා. මහින්ද අනිවාර්යයෙන් දිනයි කිව්වා. නමුත් ඡන්දෙන් පස්සේ මහින්ද මහත්තයට ගෙදර යන්න සිදු වුණා. මේ වතාවේ එහෙම වෙන්න බැහැ. ඊයේ පාර්ලිමේන්තුවේ සිදු වූණේ කුමක්ද දෙමළ ජාතික සංධානය එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව විශ්වාසභංගය යෝජනාවක් ගෙනාවා. 2015 සිට එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කරපු එම සංධානය මේ කරන්නේ රැවැටිල්ළක් වෙන්න පුළුවන්. නමුත් ඒක වෙනම කාරණයක්. දෙපයින් සිටගෙන විශ්වාස භංගයක් යෝජනා කරන්න සම්බන්ධන් මහත්තයට අද සිදු වෙලා තිබෙනවා.
මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ ඉඳලා පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණේ 101 යි 103යි. ඉතිරි අඩුව පිරෙව්වේ දෙමළ ජාතික සංධානයෙන්. නමුත් මේ විශ්වාස භංගය ගේන වෙලාවේ අගමැතිවරයාවත් මැති අමැති වරයෙක්වත් 113 න් එක්සත් ජාතික පක්‍ෂයේ කිසිම කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. පාර්ලිමේන්තුව හොල්මන්.
එම යෝජනවා ස්ථීර කළේ පාර්ලිමේන්තුවේ නියොජ්‍ය කතානායක දෙමළ ජාතික සංධානයේ අරික්කලනාදන් මහත්තයා. ඒ වෙලාවේ කිව්වා අපේ දුක් ගැනවිළි කියන විට පාර්ලිමේන්තුවේ එකම එක එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රි කෙනෙක්වත් නැහැ කියලා. 2015 ඉඳලා එක්සත් ජාතික පක්‍ෂය වැටෙන හැම වෙලාවෙම කෙළින් කෙරුවේ අපි. නමුත් අපිට එයාල සළකන හැටි මෙහෙමයි කියලා ඒ අයගේ මන්ත්‍රිවරු දෙන්නෙක් මට කිව්වා. එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව කටයුතු කරන්න කියලා ඒ පක්‍ෂය තුළ කැරළි ගහනවා කියලා.
එම නිසා අපි සියලුදෙනාම ගෝඨභය මහතා රටේ ජනාධිපති වරයා කිරීම සඳහා කටයුතු කරන්න ඕනෑ. ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂයට දෙපයින් සිට ගැනීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙනවා. අද එක්සත් ජාතික පක්‍ෂයේ නායකයාට පක්‍ෂයේ අය අවනත නැහැ. පක්‍ෂය තුළ කල්ලි නිර්මාණය වෙලා. අද නායකයාට විරුද්ධව කැරැළි ගහන්න යනවා.
එක කණ්ඩායමක් අපේ ජනාධිපති අපේක්‍ෂකයා සජිත් කියලා කියනවා. රවි කරුණානායක සමග තවත් අයගේ සටන් පාඨය වෙලා තිබෙන්නේ සජිත්ට අට පාස් නැහැ කියලා බොළද කතා කියමින් යනවා. රනිල් ගේන්න“ යැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා දේශපාලන ඉතිහාසයේ මෙහෙම එක පක්ෂයක සාමාජිකත්වය තියාගෙන තවත් පක්ෂයක් දිනවන්න වැඩ කරනවා වගේ නරි නාඩගමක් දැක්කාමයි. ඔය කවුරු මොනවා කීවත් අන්තිමේට දිනන්නේ දෙමල සහ මුස්ලිම් ඡන්ද ලබාගන්නට හැකිවෙන කෙනාට කියන එක යතාර්ථයක් වෙලා ඉවරයි. එ්කනේ දැන් දේශප්‍රේමය ඇඟපුරා පැතිරී තිබුණු කට්ටියත් උලමා සංවිධානවල, දළඳා මාලිගාවට ප්‍රහාර එල්ල කළ සංවිධානවල කට්ටිය එක්ක "ඉතිහාසයේ පිහිටවූ බලවත්ම සන්ධානයක් " පිහිටුවාගෙන ලබන මැතිවරණ වලට මුහුණ දෙන්න උත්සාහ කරන්නේ... සමහරු කියනවා මේ සන්ධානයට එකතු වුණු පක්ෂවල ඉන්න සේරම දෙනා තනි දොරේ බස් එකක ගෙනියන්න පුළුවන් ගණනක් කියලත්...
තවත් නාකි ලොක්කෙක් කතා කරයි...
මේ ඔක්කොම කතා කරන්නේ අනික් පක්ෂ ගාණනේ. තමුන්ගේ ඇහේ තියෙන පරාලය පේන්නේ නැහැ. නමුත් අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ පේනවා.
රාජපක්ෂ පෙරළිත්, වික්‍රමසිංහ පෙරළිත් සමඟ අවු. 70 ක පෙරළි , ජනතාවට නම් වැදගත් පෙරළි වි නොමැත. ඉන්න මහළු පෙරළිකාරයන් දේශපාලනයෙන් වැදගත් විධියට පෙරළෙනවා නම් එය වැදගත් දේශපාලන පෙරළියක් වෙනවාට සැක නැත.
මේ හම්පඩ ගැහිච්ච රිලව් 225 අප නැවතත් අපේ වියදමින් නඩත්තු කරනවද නැත්නම් මේ හැතිකර රිලව් 225 ම පන්නා දමන්නේද ??? දැන් සියලුම පුරවැසියන්ට බබා දැමීමට කාලයක් නොමැත බැවින් මෙම 225 ම පන්නා දැමිය යුතුය.
වලපයයි ගොඩපයයි කියලා පෙරමුණක් හදලා ජෝන්ලා දෙන්නමයි, හිටපු රජායි, රජාගේ අයියයි, සම්බන්ධනුයි, රනිලුයි, වාසුයි දැම්ම් නම් හරි.
එක ජෝන් බාස් කෙනක් රටටම විහිලු සපයමින් පිස්සු නටන විට මෙන්න බොලේ කාලයක් නිදාගෙන හිටපු අනිත් ජෝන් බාසුත් නින්දෙන් නැගිටලා ඇවිත් , කොහොමත් දැන් මුළු රටම ජෝන් බාස්ට ගිහින් තිබෙනවා
වැදගත් පෙරළි ඇති වෙනවා කියාගෙන... මීට පෙරත් ආවා මතකයි සොඳින... බැන්දත් මූණු වෙස් නාටක නටාගෙන... හානා හීය අඩ හැරයෙන් දනී.. ජන...
මෙයාලා පිස්සු කෙළිනවා. නාකි ලොටංලා. දැන් ගෙදර ගිහින් සිල් රෙද්දක් ඔළුව වැහෙන්න පොරවගෙන පංසලට ගිහින් බණක් භාවනාවක් කරගන්නේ නැතිව. ආයේ රට කන්න ලෑස්ති වෙනවා. මොවුන් ඉන්නේ තරුණයින්ට කෙළවන්නමයි. පලයල්ලා වළ පල්ලට.
වැදගත් පෙරළියක් ඉන්න වැදගත් මිනිස්සු ඉන්නවානේ...
වැදගත් දේශපාලන පෙරලියක් .....දශක ගණනාවක සිට මේ දක්වා නම් සිදුවී නොමැත ..සිදු උනේ ..දැනට සිදුවෙන්නෙත් රට විනාශය කරා ගෙනයන පෙරලියක් ..... ලොක්ක කියන්නේ එවැනි පෙරලියක් ගැන නොවෙයි නේද
අම්මපා, එ් කියන්නේ තාත්තගෙන් පුතාට නැතුව, තාත්තාගෙන් බෑනාට මහජන නියෝජිතකම පවරන්න යනවද?
සියලු ශ්‍රී ලාංකිකයින්ට සිදුවියහැකි වැදගත්ම දේශපාලන පෙරලියනම් දැනට ඉන්න 225 ම හා ඔවුන්ගේ බැල මෙහෙවරයින්ගෙන් තොර රටක් පමණයි. ඒ පැත්තට මෙපැත්තට පනින ගිරවුන්මෙන් තොර තෝංචියක් නැතිව කට මෑත දොඩවන කොමිස් ගහන රටට හෙන ගැහුනත් කමක් නැහැ මගේ මඩිස්සල්ල ගැන පමණක් හිතන අයගෙන් තොර රටක් තමයි අනාගත ශ්‍රී ලංකාව වියයුත්තේ.
ඒ පෙරලි ඔබතුමාලටනේ වැදගත් වෙන්නේ. මෙතෙක් වූ පෙරලි වලින් අපිට නම් ඵලක් වුනේ නැහැ මන්ත්‍රීතුමා. අපි හිටපු තැනිනුත් බිමට වැටිලා දැන් තියෙන්නේ...!
කවුරු මොනවා කීවත් මෙවර රටෙ පාලනය තීරණය කරන්නෙ පක්ෂය පුද්ගලයන් ගැන නොහිතන රටට වැදගත් බරපතල කරුණු වලට අදාලව නිසි වැඩපිලිවෙලක් පිලිබඳව සිතන මධ්‍යස්ථ පුුද්ගලයන්ගෙ තීරණාත්මක ඡන්ද ප්‍රමාණය මත බව වටහාගන්නනෙනමි කාටත් යහපත්.