(කේෂර ගුණතිලක)
බුත්තල උඩගම ප්‍රදේශයේ අවුරුදු හයක් වයසැති දියණියකට සහ අවුරුදු හතරහමාරක් වයසැති පුතුට අමානුෂික ලෙස පහරදුන් බව කියන එම දරුවන් දෙදෙනාගේ පියා අත්අඩංගුවට ගත් බව බුත්තල පොලීසිය කියයි.
බීමත්ව නිවෙසට එන පියා තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදෙන බවට පොලීසියට ලද තොරතුරක් අනුව පොලීසිය සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත්කර ඇත.
සැකකාර පියා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.