(ඩයනා උදයංගනී)
ටවර් හෝල් රඟහල පදනමට අයත් රංග ශාලා අගෝස්තු මස 31 වැනිදා සිට වේදිකා නාට්‍ය සඳහා ඉතා සුළු මුදලකට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අඩපණව තිබූ රංග කලා කටයුතු ප්‍රවර්ධනය කිරීම දිරිගැන්වීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ටවර් හෝල් රඟහල පදනමේ සභාපතිවරයා ද වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ දී පැවති එම රඟහල පදනමේ 297 වැනි භාරකාර මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.
ඒ අනුව ටවර් හෝල් රඟහල පදනමට අයත් ටවර් රඟහල, එල්ෆින්ස්ටන් රඟහල සහ රුක්මණීදේවි රඟහල අගෝස්තු මස 31 වැනිදා සිට නාට්‍යකරුවන්ට සහන මුදලකට පිරිනැමෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මිනිස්සු වෙනත් රැකියාවල් කරනවා. ඔවුන්ට අපේ බදු මුදලින් දීමනා දෙන්න එපා...