(රංජිත් රාජපක්ෂ)
මස්කෙළිය පොලිස් වසමේ වතුයායේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දී එම දෙදෙනා ගොම වතුර වලින් නැව්වේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වතු යායේ වතු කම්කරුවන් 8 දෙනෙකු සැකපිට අද (18) අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලිසිය පවසයි.
එම වතුයායේ වතු අධිකාරිවරයාගේ නිල නිවස වෙත (17) දින ගිය සැකකරුවන් ඇතුළු තවත් පිරිසක් නිල නිවසට පහර දී අලාභ හානි සිදු කර වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දුන් බවට ලද පැමිණිල්ලක් මත වතු කම්කරු කාන්තාවන් 7 දෙනෙකු සහ වතු කම්කරුවෙකු මස්කෙලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වතු කම්කරුවන් පහර දුන්නේ යැයි කියන වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
වතු පාලන අධිකාරියත් වතු කම්කරුවන් අතර ඇති වි තිබෙන පරිපාලනමය ගැටළු කිහිපයක් හේතුවෙන් එම වතු යායේ වතු කම්කරුවන් දින ගණනාවක සිට වැඩ වර්ජනය කිරිමෙන් වතු සමාගමට මෙන්ම වතු කම්කරුවන්ට ද ආර්ථික වශයෙන් ගැටලු රැසකට මැදි වී ඇත.
මේ අතර එම වතු යායේ වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා ස්ථාන මාරු සිදු කරන තෙක් තම වැඩ වර්ජනය සිදු කරන බව පවසමින් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් වතු සමාගමට බලපැම් කරමින් වතු යායේ ක්‍රිඩාංගණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
කොහොමද ඉන්දියාවේ පවර්ස්..?
ඔන්න ඔය ටික තමයි මහා ජාතිය වන අපට සුළු ජාතීන්ගේ සහජීවනෙන් ඉතිරිවෙන්නේ, "ගොම නෑම සහ ගුටි කෑම" දැන්වත් බලලෝභී දේශපාලකයන්ගේ බහට රැවටිලා ඉන්න ජනතාව පවතින ආණ්ඩුව වටා එකසිතින් එක්රොක්වී මෙවැනි ක්‍රියා පිටුදැකීමට ක්‍රියාකළ යුතුයි.