(හැටන් රංජිත් රාජපක්ෂ)
වතු කම්කරුවන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා වතු පාලනය කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇතැයි ලංකා වතු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති දයාල් කුමාරගේ මහතා පවසයි.
පවත්නා තත්ත්වය වතු පාලන අධිකාරියේ නිලධාරින්ගේ ජිවිතවල අවදානමක් පවතින බව ද ඔහු පවසයි.
තලවකැලේ වතු යායේ සහකාර වතු අධිකාරිවරයකුට සහ ක්ෂෙත්ර නිලධාරින් දෙදෙනකුට එම වතු යායේ වතු කම්කරුවන් පිරිසක් පසුගිය දා අමානුෂික ලෙස පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් සිය විරෝධය දැක්විම සදහා අද දින නානුඔය රදැල්ල ක්‍රිඩාංගණ සංකිර්ණයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි මේ බව පැවැසීය.
මේ සම්බන්ධයෙන් වැවිලි ක්ෂේත්රයේ වෘත්තිය සමිති එක්ක සාකච්ඡාවක් කරනවා . සමහර විට සංකේත වැඩ වර්ජනයකට යන්න වෙනවා නිලධාරින් විදිහට , තවමත් ඒ පිලිබදව තිරණයක් නැ .
අපි රාජකාරි කටයුතු සිදු කරන්නේ අපේ පාඩුවේ, තලවකැලේ සිද්ධිය ඉතාමත් අශෝභනයි, එම සහකාර වතු අධිකාරිවරයා එම වතුයායට ඇවිල්ලා මාස තුනක් නැ .
අපි නේද මැදිහත් වෙලා රටට අදායමක් ගෙනල්ලා දෙන්නේ, කොරොනා කාලේ එන්නත් නොමැතිව අපි වැඩ කළා.
මෙවැනි සිදු විම් අයෙත් සිදු වෙන්න ඉඩ තියන්න එපා කියලා අපි මිට කලින් ඇමතිවරුන් , වෘත්තිය සමිති එකතු වෙලා සාකච්ඡා කරා , නමුත් එකෙන් කිසිදු ප්‍රතිඵලයක් නැ.
අපිට කිසිදු ආරක්ෂාවක් නැ මේ ක්ෂේත්රයේ මෙයට පියවරක් ගන්නැයි අපි ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන්නම් හොඳටම වැටහෙනව ඇති යුද්ධය කලේ ෆොන්සේකා බව, මේවගේ දෙයක් මහින්ද මහත්තයා විපක්ෂයේ ඉන්නකොට සිදු උනානම් මොනවද නොකියන්නෙ?
කලකට කලින් වතු අධිකාරිවරයාගේ වාහනේ එනකොට කානු වලට බැහැලා නමස්කාර කරපු කම්කරුවන් අද වතු අධිකාරීන්ට පහර දෙන ගානට දියුණු වෙලා
සුද්දගේ කාලේ නම් වඳුරන්ට දැලි පිහි දුන්නේ නැහැ
මමත් අවුරුදු ගණනාවකට පෙර වතුවල සේවකයෙක්. රජය මෙම ව්‍යසනකාරී තත්ත්වය දෙස සමීපව බැලිය යුතු අතර දේශපාලනයෙන් තොර ධනාත්මක පිළියම් යෙදිය යුතුය!
තමන්ගෙන් රටට මෙන්ම රැකියාවට විය යුතු සේවයට වඩා තමාට රටෙන් සහ රැකියා ස්ථානයෙන් ලැබිය යුතු දේ ගැන සිතන්න, ඒවා ඉල්ලා වර්ජන කරන තැනට මිනිස්සුන්ව පත් කළේ වෘත්තිය සමිති. ඒ මානසිකත්වය සහිතව ඉන්න අය මත් වතුරෙනුත් සප්පායම් උනාම ඉතිං තත්ත්වය නරක අතට හැරෙනවා. අපේ රටේ බොහෝ ආයතන, විශේෂයෙන්ම රාජ්‍ය ආයතන නට්ටං වෙන්න, ඒවායේ ඇති දූෂණවලට අමතරව, මේ වෘත්තිය සටන් නමැති කප්පම් වැඩත් හේතුවක්. ගුටි බැට නැතුව ප්ර්රශ්නයක් විසදා ගැනීමට නොහැකි වී ඇත්තේත් එනිසායි.
ඕනෑම ආයතනයක් සංවර්ධනය වෙන්න නම් තම තමන්ගේ නායකයට මුල් තැන දෙන්න, ගරු කරන්න, ඉගෙන ගන්න ඕනෑ. ඒ අතින් වතු කම්කරුවන් වැරැදියි. හැබැයි වතු අරාජික වෙලා තියෙන්නේ කම්කරුවන්ගේ වැරදි වලට වැඩිය මහත්තුරුන්ගේ හොරකම් නිසා. එක්කෝ බෙහෙත් ටික, පොහොර ටික, උදලු පිහි තමන්ගේ ගෙදර ගෙනියනවා. නැත්නම් නම දාලා වෙන කොහෙවත් දිස්ත්‍රික්කයක තියෙන තමන්ගේ ගෙදර වගා කරන්න වත්තේ මිනිස්සු යවනවා. එකඑක මහත්තුරු තම තමන්ගේ හොරකම් වහගන්න තමන්ට පහළින් ඉන්න මහත්තුරු කරන වැරදි දැක්කේ නැහැ වගේ ඉන්නවා. කම්කරුවොත් ඕවා දන්නවා. මහත්තුරුත් හොරකම් කරන එකේ අපි මොකටද වැඩියෙන් වැඩ කරන්නේ කියලා කම්කරුවන් ඕනෑවට එපාවට වැඩ කරනවා. තමන්ට පහළින් ඉන්න කෙනාට උපදෙස් දෙන්න නම් තමන් පිරිසිදු වෙන්න ඕනෑ. එතකොට පහළින් ඉන්න අය එයාලටම හිතිලා මහත්තුරුන්ට ගරුකරයි...
වතු කොටස්කර සේවකයන්ට නිවාස සඳහා දීම වහාම නතර කරන්න. සේවක නිවාස වතුවලට පිටින් ඉදිකර අයිතිය වතුවලට පවරන්න. නැතිනම් අනාගතයේදී දැවැන්ත ප්‍රශ්නයකට රටට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්ත ජාතිවාදී දේශපාලනය නැවත හිස එසවීම නියතය.
වෘත්තිය සමිති බොහොමයක් කරන්නේ දේශපාලනය! ආයතනයේ හෝ වෘත්තීය දියුණුව සදහා සේවක අභිප්‍රේරණයක් සිදු නොවේ.
අනතුරු ඇගවීම්, තර්ජන ගර්ජන ඉවරයක් නැහැ
ඡන්දෙ ලංවෙනකොට දෙන සේවක පඩි වැඩිවීම් ඇත්තෙන්ම ප්‍රායෝගික නොවෙන්නෙ ලෝකයේ අඩු මිලට අනිත් හැම රටක්ම තේ හා අනෙක් සේවා සපයන නිසයි. අප රටේ එන හැම ආණ්ඩුවකම මුදල් පරිපාලනයේ දුර්වලතාවය හේතුවෙන් අද අපි ඉතා ඉහල මිලකට තත්වයෙන් බාල භාණ්ඩ හා සේවා ලබාදෙන්න නැඹුරු වෙලා. ලංකාව යනු ආර්ථිකය මෙහෙයවීමේ නොහැකියාව මත ලෝකයේ වලපල්ලට ගිය රටක් කියල තව අවුරුදු කිහිපයකින් උනත් මොන හිතකින් කියන්නද? නේද?