(සුදත් එච්. එම්. හේවා)
තේ කුඩු කොළඹට ප්‍රවාහනය කිරීම නතර කිරීමට වතු කම්කරුවන් පිරිසක් කටයුතු කිරීමත් සමග එම තේ කුඩු තේ වෙන්දේසියට නිසි ලෙස රැගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි හැටන් වතු අධිකාරිවරු පවසති.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ප්‍රශ්නය මුල් කරගෙන ඔවුන් මෙම පියවර ගෙන ඇත.
වතු අධිකාරිවරුන් කිහිපදෙනකුම පවසන ලද්දේ තේ වෙන්දේසියේදි තේ ලබා ගන්නා තේ ව්‍යාපාරිකයන්ට තේ කුඩු නිසි ලෙස යැවීමට පියවර ගත යුතු බවත් එහෙත් ඊයේ වතු කර්මාන්ත ශාලා කිහිපයක තේකුඩු නිසි ලෙස රැගෙන යාමට නොහැකිවු බවත්ය.එයට හේතුව වුයේ මෙම තේ කුඩු රැගෙන යාමට කම්කරුවන් පිරිසක් ඉඩ ලබා නොදීම බවත් වෙන්දේසියේ තේ කුඩු මිලට ගන්නා ව්‍යාපාරිකයන්ට නිසි ලෙස තේ කුඩු ලබා නොදිමෙන් තේ ආර්ථිකයට දැඩි බලපැමක් එල්ලවීමේ අවදානමක් පවතින බවත් ඔවුහු පවසති.
වතුකම්කරුවන්ගේ මෙම ක්‍රියාව අනිකුත් වතුවලටද ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවත් ඔවුහු පෙන්වාදෙති.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වෘත්තිය සමිති නායකයකුගේ මාධ්‍ය ලේකම්වරයකු පවසන ලද්දේ වතු කම්කරුවන්ගේ රුපියල් 1000දෛනික වැටුප් ප්‍රශ්නය මුල් කරගෙන 05වන දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බවත් එයට පෙර තේ කුඩු රැගෙන යාමට වතු සමාගම් පියවර ගැනීම වලක්වාලීම සදහා එම පියවර ගත් බවත්ය.
රජය මගින් වතු කම්කරුවන් සදහා රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දිමට දැඩි උත්සහයක් ගත්තද වතු සමාගම් එම දෛනික වැටුප ලබා නොදීමට කටයුතු කිරිමත් සමග වතු සමාගම්වලට එරෙහිව මෙම කටයුතු සිදු කරන බවද ඔහු වැඩි දුරටත් කීය.
COMMENTS
අයින් කරලා දැම්මා නම් ඉවරයි. ජොබ් නැතුව මිනිස්සු ඕනෑතරම් ඉන්නවා.
අද රටේ ජීවන වියදම අනුව, මේ කම්කරුවන්ගේ ඉල්ලීම සාධාරණයි.
මම නම් දන්න කාලෙක ඉඳලා මේකත් දේශපාලන නාඩගමක්...