IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


වාණිජ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998 ක් මන්නාරමේදී අල්ලයි

(යොහාන් භාසුර)

නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ කිලෝ 998 යි ග්‍රෑම් 750ක බරකින් යුත් වෝටර්ජෙල් නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්මැන්නා සහ ගජබා යන ආයතනයන්ට අනුයුක්ත විශේෂ නාවික හමුදා කණ්ඩායමක් මන්නාරම පොලීසිය හා එක්ව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ අද (20) කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක්කර එහි නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ මෙම වෝටර් ජෙල් වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990ක පමණ තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගවට ගත් බව නාවික හමුදාව පවසයි.

පුපුරණ ද්‍රව්‍යවලින් සිදු කරනු ලබන නීති වි‍රෝධී මත්ස්‍ය කර්මාන්තයට සඳහා යොදා ගැනීමට මෙලෙස මෙම වෝටර් ජෙල් සඟවා තබන්නට ඇතැයි ද අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 57 වයස් වල පසුවන මන්නාරම ශාන්තිපුරම් සහ වංකාලේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් නාවික හමුදාව කියයි.

සැකකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු නාවික හමුදාව සහ මන්නාරම පොලීසිය විසින් සිදු කරනු ලබයි.

 



අදහස් (0)

වාණිජ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998 ක් මන්නාරමේදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 248 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 297 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1215 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site