
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වී සහ සහල් මිල ඉදිරියේදී තීරණය කරන්නේ ආණ්ඩුව බවත් වැඩි මිලට සහල් විකුණන වී මෝල්කරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැසීය .
එක් එක් පුද්ගලයන්ට, මෝල් කරුවන්ට අවශ්‍ය විදිහට වී මිල සහල් මිල තීරණය කිරීමට ඉඩ නොදෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය .
ඇමැතිවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .
සියලුම මෝල් හිමියන් සමග වී මිල සම්බන්ධයෙන් ඉදිරි දෙසතියේදී ගිවිසුමක් අස්සන් කරන බවත් වී මිල වැඩි නොකර පනහයි පනස් දෙකේ සීමාවේ සිටින බවට එමගින් සහතිකයක් ලබා ගන්නා බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය .
හාල් වැඩි මිලට විකිණුවහොත් ලැබෙන 2500 දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කළ බව පැවසූ අලුත්ගමගේ මහතා හාල් මිල සම්බන්ධයෙන්ද පාරිභෝගික අමාත්‍යවරයා මෝල් හිමියන් සමඟ ඉදිරියේදී ගිවිසුමකට එළඹෙන බව පැවසුවේය .
යල කන්නේ නිපදවන සහල් නියමිත මිලට වැඩියෙන් විකිණිය නොහැකි බවත් වී මිල, සහල් මිල මින් ඉදිරියට තීරණය කරන්නේ ආණ්ඩුව බවත් කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශ කළේය .
ගොවියාගෙන් සහතික මිලට වී මිලදී ගන්නා බව පැවසූ ඇමතිවරයා සහල් වැඩි මිලට විකුණන මෝල් හිමියන්ට උපරිම දඬුවම ලබාදෙන බවද ප්‍රකාශ කළේය .
මේ යල කන්නයට අවශ්‍ය පොහොර රජය සතුව තිබෙන බවත් ඒ ගැන කිසිවකුත් කලබල නොවිය යුතු බවත් ඔහු සඳහන් කළේය .
ගොවියාට නියම වේලාවට අවශ්‍ය පොහොර ටික ලබා දෙන බවද නිෂ්පාදනයේ අඩුවක් වුවහොත් ගොවියාට වන්දිය ලබාදෙන බවද පැවසුවේය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.