IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


වැඩි මිලට සහල් විකුණන වී මෝල්කරුවන්ට වැඩ වරදී

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

වී සහ සහල්  මිල ඉදිරියේදී  තීරණය කරන්නේ ආණ්ඩුව බවත් වැඩි මිලට සහල් විකුණන වී මෝල්කරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට පියවර ගන්නා  බවත්  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැසීය .

එක් එක් පුද්ගලයන්ට,  මෝල් කරුවන්ට අවශ්‍ය විදිහට වී මිල සහල් මිල තීරණය කිරීමට ඉඩ නොදෙන බවද  හෙතෙම ප්‍රකාශ කළේය .

ඇමැතිවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගයේ  අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී  රෝහණ බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .

සියලුම මෝල් හිමියන් සමග වී මිල සම්බන්ධයෙන් ඉදිරි දෙසතියේදී ගිවිසුමක් අස්සන් කරන බවත් වී මිල වැඩි නොකර  පනහයි පනස් දෙකේ සීමාවේ  සිටින බවට එමගින් සහතිකයක්  ලබා ගන්නා බවත්  ඇමතිවරයා ප්‍රකාශ කළේය .

හාල් වැඩි මිලට විකිණුවහොත්  ලැබෙන 2500 දඩය  රුපියල් ලක්ෂය දක්වා වැඩි කළ බව පැවසූ අලුත්ගමගේ මහතා හාල් මිල සම්බන්ධයෙන්ද පාරිභෝගික අමාත්‍යවරයා  මෝල් හිමියන් සමඟ ඉදිරියේදී ගිවිසුමකට එළඹෙන බව  පැවසුවේය .

යල කන්නේ නිපදවන සහල්  නියමිත මිලට වැඩියෙන්  විකිණිය නොහැකි බවත් වී මිල, සහල් මිල මින් ඉදිරියට තීරණය කරන්නේ ආණ්ඩුව බවත්  කෘෂිකර්ම ඇමැතිවරයා ප්‍රකාශ කළේය .

ගොවියාගෙන් සහතික මිලට වී  මිලදී ගන්නා බව පැවසූ ඇමතිවරයා සහල්  වැඩි මිලට   විකුණන මෝල් හිමියන්ට උපරිම දඬුවම ලබාදෙන බවද ප්‍රකාශ කළේය .

මේ යල කන්නයට අවශ්‍ය පොහොර   රජය සතුව තිබෙන බවත් ඒ ගැන කිසිවකුත් කලබල නොවිය යුතු බවත්  ඔහු සඳහන් කළේය .

ගොවියාට නියම වේලාවට අවශ්‍ය පොහොර ටික ලබා දෙන බවද නිෂ්පාදනයේ අඩුවක් වුවහොත් ගොවියාට වන්දිය ලබාදෙන බවද  පැවසුවේය . 

 



අදහස් (5)

වැඩි මිලට සහල් විකුණන වී මෝල්කරුවන්ට වැඩ වරදී

SUNIL MILANO Tuesday, 20 July 2021 01:38 PM

හැමදාම ඉතින් වැඩ වරදී... වැඩ වැරදී තමයි. හැබැයි වැඩ වැරදුණු දවසක් කවදාවත් දැක්කේ නැහැ.

:       0       37

Tiran Tuesday, 20 July 2021 02:18 PM

රටේ තියන හාල් හොයාගන්න බැරි හාල් ඇමති... හාල් හොයාගන්න බැරි හින්දා රටෙන් ගෙන්නනවාලු. මෙයාව ගෙදර යවලා, මෝල් හිමියන්ට සුදු වෑන් එකක් යැව්වා නම් රටේ සල්ලිත් ඉතුරුයි... වැඩෙත් කෙරෙනවා.

:       75       33

සඳුන් Tuesday, 20 July 2021 03:35 PM

හිතුමතේ ඉහළ මිලට හාල් විකුණන මහා පරිමාණ හාල් හිමියන්ට දියවන්නා චාරිකාවක් හෝ අවම වශයෙන් ආයතනයක සභාපති වැනි දැඩි දඬුවමකට ලක්වීමකට ඉඩ ඇති බව පැහැදිලියි.

:       0       38

Donald Tuesday, 20 July 2021 04:35 PM

හාල් මුදලාලිලා බයේ වෙව්ලනවා ඇති. පව්... රටේ ජාතික ආහාරයවත් සාධාරණ මිලකට ගන්න බැරි අසරණ ජාතියක් අපි...!!! 

:       0       1

Lalith MWednesday, 21 July 2021 07:10 AM

එහෙම නොවේ. රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරයවත් සාධාරණ මිලකට ලබාදෙන්න බැරි නිවට ඇමතියෙක් කිව්වොත් හරි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1025 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site