(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදුක්ක මීපේ දෙකදවල නුරා නියාවත්ත වත්ත ප්‍රදේශයේ ගල් වලක් පිහිටි භූමියේ කන්ටේනර පෙට්ටියක ගබඩා කර තිබූ වෙඩිබෙහෙත් ඇතුළු රසායනික ද්‍රව්‍ය සොරා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අද( 18) අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි.
ඉකුත් ජනවාරි 27 වැනිදා මෙම සොරකම සිදුවී තිබිණි. එම සැකකරුවන් අතර ගල් මෝලක හිමිකරුවෙකු, ත්‍රිරෝද රථ රියදුරෙකු සහ හිටපු හමුදා සෙබළෙකු වන බව පොලිසිය කියයි.
සොරා ගෙන තිබූ වෝටර් ජෙල් කරල් 40ක්, වෙඩි නූල් මීටර් 140ක්, ඩෙටනේටර් 15 ක් හා ත්‍රිරෝද රථයක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකාර හිටපු හමුදා සෙබළා කන්ටේනර් පෙට්ටිය කඩා වෙඩි බෙහෙත් සොරාගෙන ත්‍රිරෝද රථ රියදුරුගේ සහායෙන් රැගෙන ගොස් කළු ගල් මෝලේ හිමිකරුට රුපියල් 70,000 ක මුදලකට විකුණා තිබූ බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd