
2021 වසර සඳහා වන අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 97කින් අද(10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 54ක් පමණි.
නොවැම්බර් 17 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ මෙරට 75වැනි අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම පසුගිය 21වැනිදා පැවැති අතර එය වැඩි ඡන්ද 99කින් සම්මත වූ අතර ඉන්පසු නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 10වැනිදා දක්වා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්විණි.
ඒ අනුව මේ වසරේ අවසන් වරට පාර්ලිමේන්තුව අද රැස්වූ අතර මීළඟ සභා වාරය එළැඹෙන 2021 වසරේ ජනවාරි 5වැනිදා පැවැත්වීමට නියමිතය.
COMMENTS
ඔක ඉතින් අහන්න දෙයක්ද?අනික ප්‍රභූන්ගේ බජට් පාටියකුත් ළගම තියෙනවනේ... නමට 1 දාගන්නත් එපැයි නේද?
මැදපෙරදිග මුස්ලිම් රටවලට, තම රටේ ගැහැණු පටවලා මෙතෙක් කල් අය වැය පියවා ගත්තු අසමත් ජාතිය? තම මව පවා විකුණගෙන යැපෙන්න, උපන් ජාතිය? ලෝකෙන් හිඟමන් යදිමින් ආදායමක් ගැන කතා කරනවා, රටේ ජනතාව හුරගෙන කන කොට කොහොමද ඔය හොරා කන සල්ලි වගතුවක් වෙන්නේ?
20ට අත් දෙක උස්සපු මෙ අය මෙකට අත් උස්සන්නේ නැතිව ඉදියිද?
අද වනතුරුත් කිසිම ආන්ඩුවක් අයවැයෙන් ඉදිරිපත් කෙරුනු යෝජනාවලින් 10% කොටසක්වත් ඉටු කර නොමැත. පාරවල් සාදා එය විශාල සංවර්ධනයක ලෙස කියා පෑවාද ඒම ක්‍රියාවලිය ඉටුවන්නෙ ඒ හා සම්බන්ධ වෙන ගම් ඒ ආකාරයෙන් දියුණු උනොත් නේද? ඇට බෙදා දිමෙන් හෝ ක්‍රිඩාංගනයක් හෝ විශාල උත්සව වලින් එය කල හැකිද? අනෙ අපේ කරුමේ මහත...