IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වීඩියෝවක ප්‍රකාශයක් ගැන මවුලවිවරයකු සොයා විමර්ශන

සිතුම් චතුරංග

පාස්කු ඉරිදා දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක් ත‍්‍රස්ත කණ්ඩායමක් විසින් එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය සාධාරණ බවට පවසමින් සමාජ ජාලා වෙත වීඩියෝවක් මුදාහළ වවුනියාව හා සෙට්ටිකුලම ප‍්‍රදේශයේ දේවස්ථානයක මවුලවිවරයකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

රටේ කොටස් ඉල්ලා ඉස්ලාමීය ජනකොටස් යුද්ධ කළේ නොමැති බවත් දැන් ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති හෙයින් අරගල කර ඉස්ලාම් අයිතීන් දිනාගත යුතු බවද මවුලවිවරයා අදාළ වීඩියෝවේ ප‍්‍රකාශ කර තිබේ.

අදාල වීඩියෝව සම්බන්ධයෙන් විවිධ පාර්ශව රැසක් පොලිසිය වෙත හා ආරක්ෂක අංශ වෙත කළ පැමිණිලි අනුව වවුනියාව හා මන්නාරම දිස්ත‍්‍රික් බාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික‍්‍රම මහතා විසින් පරීක්ෂණ සිදුකිරීම වවුනියාව හා සෙට්ටිකුලම පොලිසිය වෙත පවරා ඇත.

මෙලෙස අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහැර ඇත්තේ වවුනියාව සෙට්ටිකුලම පදිංචි එෆ්.නවූමාන් නැමති මවුලවිවරයකි.

ප‍්‍රහාරය සාධාරණය කර සහ ඉස්ලාමීය ජනතාව අරගල කළ යුතු බවට මිනිත්තු අටක වීඩියෝවක් මවුලවිවරයා විසින් සමාජ ජාලා වෙත මුදාහැර තිබේ.

සැකකාර මවුලවිවරයා මේ වන විට ප‍්‍රදේශයේ නොමැති බවත් ඔහු සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය සහ සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    



අදහස් (3)

වීඩියෝවක ප්‍රකාශයක් ගැන මවුලවිවරයකු සොයා විමර්ශන

BLOODTHIRSTY GOD Thursday, 25 April 2019 08:41 AM

අරගල කරලා මොනවද දන්නේ නැහැ ඉල්ලන්නේ?????

:       0       0

Deepal Thursday, 25 April 2019 11:16 AM

දෙමු මේ අයගේ ඉල්ලීම ඉක්මනට...... සුද්ද කරලම දාන්න හොඳයි වගේ්‍........

:       0       0

thushara Thursday, 25 April 2019 04:08 PM

රට ගැන හිතන්න

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 673 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site