(සුජිත් හේවාජුලිගේ)
අපේ රටේ වැඩිම ආහාර ප්‍රමාණයක් විනාශ කරන්නේ පාර්ලිමේන්තුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ බණ්ඩාරනායන සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුරේදී අද (16) පැවැති ලෝක ආහාර දින සැමැරුම් උත්සවයේදීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය.
‘‘අපේ රටේ වැඩිම ආහාර ප්‍රමාණයක් විනාශ කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒක අප කවුරුත් දන්න දෙයක්. සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නැහැ. සමහරුන් හිටියත් පාර්ලිමේන්තුවේ කෑම කන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ විශාල ආහාර ප්‍රමාණයක් දිනපතා ඉවත දමනවා. අවුරුදු 27ක් අඛණ්ඩව පාර්ලිමේන්තුවේ හිටපු නිසා දැනුත් යන එන නිසා මම ඒක හොඳින්ම දන්නවා.‘‘
ඡායාරූප - චතුර එස් .කොඩිකාර



COMMENTS
මන්ත්‍රීවරුන් විසින් උදැසනින්ම ආහාර පිළියෙළ කිරීමට ප්‍රථම, තමන් දවල් ආහාරය සඳහා සහභාගී වනවාද නැද්ද යන්න භෝජනාගාරයට දැන්වීමේ ක්‍රමවේදයක් සකස් කල නොහැක්කේ මන්ද?
එදා වේල හොයා ගන්න බැරි මිනිස්සුත් මෙගොල්ලොන්ට කන්න හම්බ කරනවා.
ආහාර විතරක් නෙවෙයි රටම විනාස කරන්නේ පාර්ලිමේන්තුව තමයි.
ඔය විනාශය නවත්වන්න ඔබතුමා ගත් පියවර ඇත්තේද ?
මෙයාට දැන් තියෙන්නේ පාර්ලිමේන්තු භීතිකාව.. දෝෂාභියෝගයක් ගෙනෙයි කියලා බයේ ඉන්නේ... කරන මෝඩ වැඩවලට විරුද්ධව... ඒකයි මේ වගේ කතා කටින් පිටවෙන්නේ...
රට පාලනය කරන පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව රැස්වන දිනට පාර්ලිමේන්තුවට එන නොඑන මන්ත්‍රීන්ලා ගැන විමසා අවශ්‍ය කෑම මොනවාද විමසා කෑම සකසන ක්‍රමයක් සාදා අපතේ යාම වලක්වන්න බැරිද.මෙසේ නාස්ති කරන්නේ ජනතා මුදල්.
සහතික ඇත්ත. නමුත් කියලා වැඩක් නෑ කරලා පෙන්නන්න
සහතික ඇත්ත... නමුත් කියලා වැඩක් නෑ කරලා පෙන්නන්න.
ඉතින් එක පාලනය කරන්න කියන්නේ අපිටද ?
ආහාර විතරක් නෙවෙයි ජනාධිපතිතුමනි, අපේ රටම විනාශ කරන්නේ ඔතනින් තමයි. එය නවත්වන්න ක්‍රියාවෙනුත් ඔප්පු කර පෙන්වන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා...
මුලු රටම විනාශ කරන්නෙ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය තමයි.
ආහාර විතරක් නෙවේ රටත් විනාස කරන්නේ පාර්ලිමේන්තුව තමා.
තනකොලයි පුන්නක්කුයි අහක ගියා කියල නම් රටට ලොකු හානියක් නැහැ. හබැයි රටම කාල නන්නත්තාර කරන එක තමයි අපිටනම් ප්‍රශ්නෙ.
අපි පාර්ලිමේන්තු ආපන ශාලාව වහලා දාමු. ප්‍රශ්නය ඉවර කරමු.
අවුරුදු 27ක් ඉඳලා දන්නවා නම් අය මෙච්චර කල් එක හංගගෙන හිටියේ... මෙයත් F.C.I.D. යවන්න ඕනෑ ඒකට...
සහතික ඇත්ත. මහජනතාවගේ මුදල්
අප්පුහාමිගේ කටේ මසුරන් දාන්න වටිනවා.
සුමානයක් වහලා තබන්න. එතකොට ක්‍රම වේදයක් සොයාගන්න පුළුවන් වෙයි.
ඉතින් කියව කියවා ඉන්නේ , ඕක වහල දනවකෝ.............